gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

විශේෂ වාහන අංක තහඩු විකුණා RMVය කෝටි 118ක් උපයයි: එක් අංකයක් ලක්ෂ 10යි! ගැසට් නැතිව වසර 3ක් කළ අංක වෙළඳාමට පාර්ලිමේන්තු කාරක සභාවේ නිල අනුමැතිය හිමිවෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වාහන සඳහා නිකුත් කරනු ලබන විශේෂිත අංක වෙන්කර දීමෙන් පසුගිය වසර හතරක කාලය තුළ රුපියල් කෝටි 118ක දැවැන්ත ආදායමක් උපයා ඇති බව අනාවරණය වේ. රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී මෝටර් රථ ප්‍රවාහන නිලධාරීන් මේ බව සඳහන් කළ අතර, එක් විශේෂිත අංකයක් වෙන්කරවා ගැනීම සඳහා රුපියල් දශ ලක්ෂයක (ලක්ෂ 10ක) ගාස්තුවක් අය කෙරේ. 

දත්ත වාර්තාවලට අනුව, 2023 වසරේ සිට මේ දක්වා වාහන 1,185ක් සඳහා මෙලෙස අංක ලක්ෂයක් ඉදිරියෙන් ඇති විශේෂ අංක ලබාගෙන ඇති අතර, ඉන් වැඩිම ප්‍රමාණයක් (වාහන 692ක්) වාර්තා වී ඇත්තේ 2025 වසරේදීය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙතරම් විශාල ආදායමක් උපයා ඇත්තේ වසර තුනක පමණ කාලයක් පුරා නිසි ගැසට් නිවේදනයක් පවා නොමැතිව වීමයි. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය විධිමත් කරමින් මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ හැර අනෙකුත් සියලුම වාහන සඳහා මුදල් ගෙවා විශේෂ අංක ලබාගැනීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දැන් නිල වශයෙන් අවසර ලබා දී ඇත. 

මේ අනුව, ඉදිරියේදී රජයට තවදුරටත් සැලකිය යුතු ආදායමක් මෙමගින් උපයා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka