RISE නමින් හදුන්වන අපූරු සෙල්ලම් බඩුවක් හැමවෙලේම සදට ගිය කට්ටිය අතේ තියාගෙන ඉන්නවා ඔයාල දැක්කද?
Artemis II මෙහෙයුම සඳහා ගගනගාමීන් රැගෙන ගිය එම කුඩා සෙල්ලම් භාණ්ඩය හඳුන්වන්නේ "Rise" යන නමිනි. මෙය විශේෂයෙන්ම නිර්මාණය කරන ලද Zero-G Indicator (ශුන්‍ය ගුරුත්ව දර්ශකය) එකක්. තවත් විදියකින් කිව්වොත් බර රහිත බව පෙන්වන දර්ශකයක්.
මෙය ලොව පුරා පවත්වන ලද Moon Mascot නමින් හදුන්වන තරඟයකින් ජයග්‍රහණය කළ, ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වසන 8 හැවිරිදි Lucas Ye නමැති දරුවාගේ නිර්මාණයකි.
මෙය හඳක හැඩය ඇති කුඩා plush සෙල්ලම් බඩුවක් විදියටයි හදුන්වාදෙනු ලබන්නේ. එය පෘථිවියේ වර්ණ සහිත තොප්පියක් පැළඳ සිටියි. ඇපලෝ 8 මෙහෙයුමේදී ලබාගත් ප්‍රසිද්ධ Earthrise ඡායාරූපය සිහිගැන්වීම සඳහා මෙයට "Rise" යන නම තබා ඇත.
රොකට්ටුව පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී අභ්‍යවකාශයට පිවිසි පසු, යානය තුළ බර රහිත බව නැතහොත් Microgravity ඇති වූ වහාම මෙම සෙල්ලම් භාණ්ඩය පාවීමට පටන් ගනී. ඒ මගින් ගගනගාමීන්ට සහ පාලන මැදිරියට බර රහිත තත්ත්වය ඇති වූ බව සරලව තහවුරු කරගත හැකිය.
කලින් සිදුකළ Artemis I මෙහෙයුමේදී (මිනිසුන් රහිත) මෙලෙස රැගෙන ගියේ ප්‍රසිද්ධ Snoopy බල්ලාගේ රූපයකි. නමුත් මෙවර Artemis II සඳහා අනාගත පරපුරේ දායකත්වය දැක්වීම සඳහා දරුවෙකුගේ නිර්මාණයක් භාවිතා කිරීමට NASA ආයතනය තීරණය කර තිබෙනවා.

