gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සුඛෝපභෝගී බසයේදී මත් කර රන් ආභරණ කොල්ලකෑ කාන්තාවන් තිදෙනෙකු රෝහලට : දකුණු කළුතර පොලිසියෙන් විමර්ශන

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් ලබා දුන් පානයක් හේතුවෙන් ඔවුන් සිහිසුන් වී ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබූ ස්වර්ණාභරණ සියල්ල කොල්ලකා ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ බදුල්ල, කහටරුප්ප සහ දොඩන්ගොඩ ප්‍රදේශවල පදිංචි ඥාති සොහොයුරියන් තිදෙනෙකි. පසුගිය 04 වැනිදා රාත්‍රී 8.00 ට පමණ ඔවුන් මෙම අපරාධයට ගොදුරු වී ඇත. 

සිද්ධියෙන් අනතුරුව රෝගාතුර වූ අදාළ කාන්තාවන් තිදෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් පොලිසිය විසින් කරන ලද දැනුම්දීමකට අනුව, සිද්ධියට සම්බන්ධ සැකකරු සොයා දකුණු කළුතර පොලිසිය විසින් මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. 

පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී නාඳුනන පුද්ගලයින් ලබාදෙන ආහාර පාන ලබාගැනීමෙන් වළකින ලෙසත්, ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසත් මෙවැනි සිදුවීම් හරහා මහජනතාවට අවධාරණය කෙරේ. 

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka