gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඇඟේ ගාන ක්‍රීම් තොග පිටින් අරගෙන සිල්ලරට බෝතල්වලට පුරවන ෆැක්ටරියක් මාතලෙන් අල්ලයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් මාවනැල්ල ප්‍රදේශයේ ආයතනයක සිදුකළ විමර්ශනයකට අනුව, පෙරේදා (07) දින එහි සැපයුම්කරුගේ මාතලේ පිහිටි නිෂ්පාදනාගාරයක් හදිසි වැටළීමකට ලක්කර ඇත.

එහි නිෂ්පාදනය කරන ලද විශේෂිත ක්‍රීම් වර්ග සෑදීම සඳහා කිසිදු බලපත්‍රයක් හෝ අනුමැතියක් අදාළ ආයතනය සතුව නොමැති බව නිලධාරීන් එහිදී අනාවරණය කරගෙන තිබේ.

අදාළ ආයතනය විසින් වෙනත් නිෂ්පාදකයන්ගෙන් තොග වශයෙන් මෙම නිෂ්පාදන ලබාගෙන, පසුව ඒවා ඔවුන්ගේම සිල්ලර ඇසුරුම්වලට බහා සංචාරකයන් පැමිණෙන ස්ථානවලට බෙදාහැර ඇත.

එම සංචාරක කලාපවල සිටින ව්‍යාපාරිකයන් විසින් මෙම ආලේපන සංචාරකයන් වෙත ඉතා අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවද මෙම පරීක්ෂාවේදී තවදුරටත් නිරීක්ෂණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, අදාළ භාණ්ඩවලින් සාම්පල ලබාගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට නියමිතය.

එබැවින්, විශේෂයෙන් සංචාරක කලාපවලින් මෙවැනි ආලේපන මිලදී ගැනීමේදී එහි ප්‍රමිතිය, අනුමැතිය සහ මිල ගණන් පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka