gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

"හර්ෂි මට මගේ මාලෙ ආපහු දුන්නා...මම ආයේ ක්‍රිකට් විතරයි ගහන්නේ..." - රටම කතා කළ මාල සිද්ධිය ගැන භානුක පළමුවරට හඬ අවදි කරයි

පසුගිය කාලසීමාව පුරා සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩි කතාබහට ලක්වූ තම පෞද්ගලික ජීවිතයට අදාළ සිදුවීම සහ ඒ සම්බන්ධයෙන් පැවති නීතිමය ක්‍රියාදාමය සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ මහතා පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වූ වීඩියෝවක් මුල් කරගනිමින් ඇති වූ මෙම මතභේදාත්මක තත්ත්වය පිළිබඳව මෙතෙක් නිහඬව සිටීමට හේතුවද සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කළා.   

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් භානුක රාජපක්ෂ මහතා පවසා සිටින්නේ, අදාළ කරුණ අධිකරණය හමුවේ විභාග වෙමින් පැවති බැවින්, මෙරට නීතිමය ක්‍රියාදාමයට ගරු කරමින් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ කතා නොකිරීමට තමන් තීරණය කළ බවයි.

දැනට පවතින තත්ත්වය අනුව අදාළ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳී ඇති බවත්, විවෘත අධිකරණයේදී තමන් සතු බඩුබාහිරාදිය නැවත තමන් වෙත ලබා දීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළා.

මෙම ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව අවසන් වීම පිළිබඳව තමන් සතුටට පත්වන බව ද භානුක රාජපක්ෂ මහතා පවසනවා.

තම ජීවිතයේ ඇති වූ මෙම පෞද්ගලික බාධාවන් නිරාකරණය වීමත් සමඟ, නැවතත් සිය සම්පූර්ණ අවධානය ක්‍රිකට් ක්‍රීඩාව වෙත යොමු කරන බව ඔහු සඳහන් කළා.

ඔහු පවසන්නේ, තම උපරිම ශක්තියෙන් ශ්‍රී ලංකා මාතාව නියෝජනය කරමින් ඉදිරියටත් ක්‍රීඩා කිරීම තම එකම බලාපොරොත්තුව බවයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka