gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අම්මයි අප්පච්චියි වැස්සෙන් බේරන්න ගිය චමෝදි අකුණු සැර වැදී දෙමාපියන් ඉදිරිපිටම මොලොව හැර යයි

මිනිස් හිත් කම්පා කරවන අවාසනාවන්ත පුවතක් වැල්ලවාය, හදපානාගල, කෙන් හත ගමෙන් වාර්තා වෙනවා. ඒ තමන්ගේ අම්මයි, අප්පච්චියි ගැන අප්‍රමාණ ආදරයකින් කටයුතු කළ 23 හැවිරිදි චමෝදි මල්ශානී දියණියගේ අකල් මරණයයි.

ඊයේ සවස් කාලයේ ප්‍රදේශයට මහ වැසි ඇද හැලෙන්නට ආසන්න මොහොතක, චමෝදි ටෙක් එකේ කෝස් එක නිමවා නිවසට පැමිණියා පමණි. තමන්ගේ ජීවිතය වෙනුවෙන් හේනේ දුක් විඳින අම්මා සහ අප්පච්චි මේ වැස්සට තෙමෙයි යන බියෙන් ඇය වහාම කුඩ දෙකක්ද රැගෙන හේනට දිව ගියාය.

​"අම්මේ... අප්පච්චි... තෙමෙන්න එපා, අපි ඉක්මනින් ගෙදර යමු" යැයි පවසමින් ඇය ඔවුන් කැටුව නිවස බලා එන්නට පිටත් වූවාය. 

නමුත් අවාසනාව ඇය පසුපසම පැමිණියේය. අම්මා සහ අප්පච්චි මැදින් ගමන් කළ චමෝදි වෙත එල්ල වූ දරුණු අකුණු සැරයකින් ඇය එම ස්ථානයේදීම මෙලොව හැර ගියේ දෙමාපියන් ඉදිරිපිටමය.

මේ අකු#ණු සැර අම්මගේ අතටත් දැනුනා.අවසානේ අම්ම අප්පච්චි ඉස්සරහම දරාගන්න බැරි දු#කක් හැමෝටම ඉතුරු කරලා ගැහැණු ද#රුවන් දෙදෙනෙකු විතරක් ඉන්න පවුලේ වැඩිමල් ද#රුවා උන විසිතුන් හැවිරිදි චමෝදි මල්ශානී මේ ලෝකෙන් යන්නම ගියා.

දහසක් හීන දැකපු තරුන ජීවිතයක් නැ#ති වුනා. චමෝදිගේ කතාවෙන් ඔයාට කියන්න තියෙන්නේ මේ බක් මාසේ අ#කුණු සැර සෑහෙන්න වැඩී. ඒ නිසා එලිමහනේ රැඳී සිටීම සහ මේ අ#කුණු වලින් ආරක්ෂා වෙන්න කටයුතු කරන්න.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka