gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පාතාලයෝ පැන දණ ගස්වා හිස බූ ගායි... පාතාල නායක නළු පුතා ඩුබායි සිට සජීවීව බලයි

කොළඹ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන රාත්‍රී සමාජ ශාලාවකට ඉකුත් 7 වැනිදා රාත්‍රියේ කඩා වැදුණු පාතාල කණ්ඩායමක්, එහි හිමිකරු දැඩි අපහසුතාවයට පත් කරමින් ඔහුගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම කපා දමා ඇති බව වාර්තා වේ.

පාතාල මර්දන අංශවල නියුතු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සඳහන් කරන පරිදි, මෙම කණ්ඩායම විසින් අදාළ ව්‍යාපාරිකයාව දණගස්වා මෙම නින්දිත ක්‍රියාව සිදු කර ඇත.

මෙම ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ දැනට මෙරට ජීවතුන් අතර නොමැති, මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධව සිටි නළුවකුගේ පුත්‍රයකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අදාළ සැකකරු පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටියදී මෙරටින් පළා ගොස් දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින්නෙකි.

ඔහු සිය මෙරට සිටින පාතාල සගයන් යොදවා මෙම පහරදීම සිදු කර ඇති අතර, ව්‍යාපාරිකයාගේ හිසකෙස් බාන අවස්ථාව ජංගම දුරකථන තාක්ෂණය ඔස්සේ සජීවීව නැරඹීමටද කටයුතු කර ඇත.

අදාළ අපරාධ කණ්ඩායම එම ස්ථානයෙන් පළා ගොස් ඇත්තේ මේ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකරන ලෙස ව්‍යාපාරිකයාට මරණීය තර්ජනය කරමිනි.

මීට සමාන තවත් සිදුවීමක් ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි, ඉහත කී නළුවාගේ පුත්‍රයාට අයත් යැයි පැවසෙන රාත්‍රී සමාජ ශාලාවකදී ද වාර්තා විය.

එහිදී පාතාල කල්ලියක් විසින් එම ස්ථානයේ සේවකයන් තිදෙනෙකුගේ හිස් බුගා දමා ඇත. ඉන් නොනැවතී ඔවුන්ට කාන්තා ඇඳුම් අන්දවා නැටවීමටද කටයුතු කර තිබේ. එම ප්‍රහාරය ඩුබායි හි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'වැල්ලේ සාරංග' නමැත්තාගේ අනුදැනුම මත ඔහුගේ ගෝලයන් විසින් සිදු කළ බවට සැක කෙරේ. එම අවස්ථාවේදී ද 'වැල්ලේ සාරංග' විසින් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ එම දඬුවම දෙන අයුරු සජීවීව නරඹා ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka