gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

කිම් ජොන් අන්ගේ දියණිය උතුරු කොරියාවේ මීළඟ පාලකයා ලෙස නම් කෙරේ - දකුණු කොරියානු බුද්ධි අංශ අනාවරණය කරයි

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ නව යොවුන් වියේ පසුවන දියණිය වන කිම් ජූ ඒ (Kim Ju Ae), ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස නිල වශයෙන් නම් කර ඇති බවට විශ්වාස කළ හැකි "විශ්වසනීය බුද්ධි තොරතුරු" ලැබී ඇති බව දකුණු කොරියානු බුද්ධි අංශ (NIS) පවසයි. 

පසුගියදා ඇය යුද ටැංකියක් පදවන අයුරු දැක්වෙන දර්ශන ප්‍රසිද්ධියට පත් කිරීම, කාන්තා පාලිකාවකගේ පාලනය පිළිබඳව ඇති විය හැකි සැක සංකා දුරු කිරීම සඳහා හිතාමතාම සිදුකළ ප්‍රචාරක කටයුත්තක් බව ඔවුන් පෙන්වා දෙයි.

දකුණු කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, ඇය සිය පියා මෙන්ම හමුදාමය හැකියාවන්ගෙන් යුක්ත බව පෙන්වීමට උතුරු කොරියානු රජය උත්සාහ ගන්නා බවයි. මීට පෙර ඇය ගිනි අවි පුහුණුව ලබන ආකාරය දැක්වෙන ඡායාරූප ද ප්‍රසිද්ධියට පත් කර තිබුණි. 

මෙම ක්‍රියාවලිය 2010 වසරේදී කිම් ජොන් අන් සිය පියාගෙන් පසුව බලයට පත්වීමට පෙර අනුගමනය කළ ක්‍රියාපිළිවෙතට බෙහෙවින් සමාන බව දකුණු කොරියානු බුද්ධි අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.

දැනට 13 හැවිරිදි වියේ පසුවන බව සැලකෙන කිම් ජූ ඒ, එරට රාජ්‍ය මාධ්‍ය විසින් "ගෞරවනීය දියණිය" ලෙස හඳුන්වනු ලබයි. මීට පෙර ඇය අනාගත නායකත්වය සඳහා පුහුණු කරන බවට මත පළ වුවද, බුද්ධි අංශ මේ වන විට තහවුරු කර ඇත්තේ ඇය අනිවාර්යයෙන්ම මීළඟ නායකත්වයට පත්වන බවයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka