අරලගංවිල ප්‍රදේශයෙන් අසන්නට ලැබෙන මේ පුවත කාගේත් කතාබහට ලක්ව තිබෙනවා.
පරණ ආරවුලක් දුරදිග ගොස් කාන්තාවකගේ ඇඳුම් ඉවත් කර අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඉහළ ඇල්ලේවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවසේ සිට කඩයකට යමින් සිටියදී, ඇය සමඟ කලක සිට අමනාපයෙන් සිටි එම ගම්මානයේම පදිංචි වෙනත් කාන්තාවන් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදු කර තිබෙනවා. අදාළ කාන්තාව නිරුවත් කර බරපතල ලෙස පහර දී ඇති අතර, පහර කෑමට ලක්වූ කාන්තාව දැනට පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් දෙදෙනා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
පුදුම හිතෙන කාරණය නම්, පහර දුන් කාන්තාවන් දෙදෙනාද තුවාල ලැබූ බව පවසමින් රෝහල්ගත වී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වීමයි. පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත අරලගංවිල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

