gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ප්ලේන් එකේ යනකොට වීඩියෝ කරන්න තාත්තේ!” රට යන තාත්තාගේ අතට දුව දීපු ලෝකේ වටිනාම ලියුම...

සැබෑ ආදරය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන නම් දුවෙක් තමන්ගේ තාත්තා දෙස බලන විදිහ දකින්න ඕන කියල කතාවක් තියෙනවා.
මේ කියන්න යන්නෙත් තමන්ගේ පණ වගේ ආදරේ කරන තාත්තා තමන්ව දාලා හම්බ කරන්න රට යන වෙලාවේ, පුංචි දෝණියෙක් ඇගේ හිතේ තියෙන ආදරය අකුරු කරපු අපූරු පණිවිඩයක් ගැන.

“මේක කවදාවත් විසික් කරන්න එපා තාත්තේ…”

සරස නිලංක විසින් මුහුණුපොතට එක් කර තිබූ මේ සටහන දුටු ඕනෑම කෙනෙක්ගේ හදවත මොහොතකට නතර වන බව නම් සහතිකයි.

රට යන තාත්තා අතට දුව දීපු ඒ පුංචි කොළ කැබැල්ලේ ලියවිලා තිබුණේ හරිම අහිංසක ඉල්ලීම් ටිකක්.

“මම ඔයාට ගන්න කෝල් අන්සර් කරන්න… කවදාවත් කට් කරන්න එපා… ප්ලේන් එකේ යනකොට වීඩියෝ කරන්න… රටට ආපු ගමන් මට කෝල් එකක් ගන්න…”

පුංචි දෝණියෙක්ට තමන්ගේ තාත්තා රට යනවා කියන එක කොච්චර ලොකු වේදනාවක්ද කියලා මේ අකුරු දකිද්දී අපිට තේරෙනවා.

ඒ වගේම ඇය අවසානයට කරපු ඉල්ලීම තමයි හැමෝගෙම හදවතට තදින්ම දැනුණේ.

“මේක කවදාවත් විසික් කරන්න එපා, ලංකාවට ඇවිල්ලත් විසික් කරන්න එපා.”

තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, හිතේ දහසක් බලාපොරොත්තු තියාගෙන, දරුවන්ගෙන් වෙන්වෙලා විදේශගත වෙන හැම තාත්තෙක්ටම මේ ලියුම ලොකු හයියක්.

සල්ලිවලට වඩා තමන්ගේ දරුවන්ගේ ආදරය වටිනා බවත්, දුවෙක්ට තාත්තා කියන්නේ මුළු ලෝකයම බවත් මේ පුංචි ලියුම අපිට ආයෙමත් මතක් කරලා දෙනවා.

සමාජ මාධ්‍ය පුරා මේ සටහන හුවමාරු වෙද්දී බොහෝ දෙනෙක් පවසන්නේ, “ලෝකේ තියෙන වටිනාම ලියුම සහ සහතිකය මේකයි” කියලා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka