gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

බීමතින් සාලයට මුත්‍රා කළ බෑනාට මාමණ්ඩිය කැත්තෙන් කොටයි : බෑනා රෝහලට, මාමණ්ඩිය පොලිසියට!

අධික ලෙස බීමත්ව පැමිණ තම නිවසේ සාලයේ බිත්තියට මුත්‍රා කළ බෑනාට මාමණ්ඩිය විසින් කැත්තකින් පහර දී බරපතළ තුවාල සිදුකිරීමේ පුවතක් දොඩන්ගොඩ, නෑහින්න ප්‍රදේශයෙන් වාර්තා වේ. 

මෙම පහරකෑමට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පෙදරේරුවෙකු වන අතර, බරපතළ තුවාල ලැබූ ඔහු මේ වන විට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, බීමත් බෑනා සාලයේ මුත්‍රා කරන අවස්ථාවේදී "එළියට ගොස් මුත්‍රා කරන ලෙස" මාමණ්ඩිය විසින් ඔහුට තරයේ පවසා ඇති බවයි. ඉන් දැඩි ලෙස කුපිත වූ බෑනා, මාමණ්ඩියගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කර පුටුවකින් පහරදීමට උත්සාහ කර ඇති අතර, එහිදී තම ආරක්ෂාව පතා සැකකාර මාමණ්ඩිය විසින් අසල තිබූ කැත්ත ගෙන බෑනාට මෙම පහරදීම සිදුකර තිබේ.

මෙම කැති පහර හේතුවෙන් බෑනාගේ නළල ප්‍රදේශයට බරපතළ කැපුම් තුවාල සිදුව ඇති අතර, ඔහු රෝහලේදී ශල්‍යකර්මයකට ද භාජනය කර ඇත. ඔහුගේ තත්ත්වය හේතුවෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම තාවකාලිකව කල්දමා ඇති බව පොලිසිය සඳහන් කරයි. කෙසේ වෙතත්, සිද්ධියට සම්බන්ධ 60 හැවිරිදි සැකකාර මාමණ්ඩිය දොඩන්ගොඩ පොලිසිය විසින් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති අතර, දොඩන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ. 

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka