gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඉෂාරාගේ කේක් ගෙඩියේ වසද? මත්ද්‍රව්‍යද?

කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණ විත්ති කූඩුව තුළදී ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට ලැබුණු උපන්දින කේක් ගෙඩියක විෂ රසායනයක් හෝ මත්ද්‍රව්‍යයක් අඩංගු දැයි සෙවීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන ඇයගේ උපන්දිනය යෙදී තිබූ පසුගිය 29 වනදා මෙම කේක් ගෙඩිය ලැබී ඇති අතර, ඒ තුළ යම් සැකකටයුතු ද්‍රව්‍යයක් ඇති බවට සැක කරන බැවින් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මේ බව අධිකරණයට දැනුම් දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා, අදාළ කේක් ගෙඩිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර කඩිනම් වාර්තාවක් කැඳවීමට පොලිසියට අවසර ලබා දුන්නේය. 

මෙම ඝාතන පැමිණිල්ලේ 15 වන සැකකාරිය ලෙස නම් කර ඇති ඇයව මේ වන විටත් දින 180ක රැඳවුම් කාලයක් යටතේ ප්‍රශ්න කරමින් සිටින අතර, විමර්ශන කඩිනම් කර ප්‍රගතිය වහාම අධිකරණයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට වැඩිදුරටත් නියෝග කර තිබේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka