gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

"දැන් මම සම්පූර්ණ සුවයෙන්" - නෙතන්යාහු මාරාන්තික පිළිකාවක් පරාජය කළ හැටි හෙළි කරයි

ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තමන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳී තිබූ බවත්, සාර්ථක ප්‍රතිකාර මගින් එය සම්පූර්ණයෙන්ම සුව කරගත් බවත් ප්‍රථම වරට ප්‍රසිද්ධියේ අනාවරණය කර තිබේ. 

සිය X ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, වසර එකහමාරකට පෙර සිදුකළ සැත්කමකින් පසු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියදී සෙන්ටිමීටරයකට වඩා අඩු කුඩා මාරාන්තික ගැටිත්තක් හඳුනාගත් බවයි. ඉරාන ත්‍රස්තවාදීන්ට අසත්‍ය ප්‍රචාර පතුරුවීමට ඉඩ නොතැබීම සඳහා යුද්ධය පැවති කාලසීමාවේදී මෙම තොරතුරු හෙළි කිරීම මාස දෙකකින් ප්‍රමාද කළ බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තමන් ඉලක්කගත ප්‍රතිකාර ක්‍රමවේදයකට යොමු වූ බවත්, මේ වන විට එම පිළිකා තත්ත්වය ශරීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා තහවුරු කළේය. තමන් වර්තමානයේ ඉතා යහපත් ශාරීරික සෞඛ්‍ය මට්ටමකින් පසුවන බවත්, රෝගය මුල් අවධියේදීම හඳුනාගෙන ඊට මුහුණ දීමට තීරණය කළ බවත් ඔහු පැවසීය.

එමෙන්ම, ඊශ්‍රායල පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ රෝග ලක්ෂණ නොපෙන්වන මෙවැනි තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, නිසි වේලාවට වෛද්‍ය පරීක්ෂණ සිදුකර තමන්ගේ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් ය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka