gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

”මම අංජලිකා ලියද්දි යශෝධාගෙ රූපය තමයි හිතේ තිබුණෙ.යශෝධා කාර්යබහුල වුණා. ඒ නිසයි මට ඉන්දියාවට යන්න වුණේ, පූජා හොයාගෙන” – චන්න පෙරේරා

ලාංකේය සිනමාවට ආදරේ කරන කාටත්, “අංජලිකා” කියන්නෙ අමතක නොවන අපූරු සිනමා සිත්තමක් බව විශේෂයෙන් කිව යුතු නෑ.

“අංජලිකා” කියන්නෙ, චන්න පෙරේරා විසින් සිනමාවට දායක කළ ප්‍රථම සිනමාපටය.

එය 2006 වසරේදී ආදායම් අතින් සාර්ථකත්වයට පත් වූ වාණිජමය සිනමාපටයක් කිව්වොත් හරි.

පූජා උමාශංකර්ගේ ප්‍රථම ලාංකීය සිනමාපටය වන්නේත් “අංජලිකා”

එකල චන්න – පූජා කියන්නෙ ප්‍රේමණීය උන්මාදයක්.

එයාකාරයෙන්, පූජා උමාශංකර් “අංජලිකා” ලෙස තිරයට එන්නෙ, චන්නගෙ පළමු තේරීම හැටියට නම් නෙවෙයි.

චරිතය සඳහා ඔහුගේ පළමු තේරීම වෙන්නෙ, යශෝධා විමලධර්මයන්.

එකල ඇයගෙ තිබුණු අතිශය කාර්යබහුලත්වය නිසා ම, ඇයට “අංජලිකා” මඟහැරෙනවා.

ඒ ගැන ගෙවුණු දවසක, චන්න – යශෝධා දෙදෙනාම සහභාගී වුණු වැඩටහනකදී, චන්න පෙරේරා මේ විදියට කතාබහ කරලා තිබුණා…

”අංජලිකා මම ලියද්දි යශෝධාගෙ රූපය තමයි මගේ හිතේ තිබුණෙ, අංජලිකාගෙ චරිතයට ගන්න.
හැබැයි ඇය ඉතාම කාර්යබහුල වුණා. ඒ දවස්වල ඇත්තටම පුදුමාකාර කාර්යබහුලයි.
එතකොට මට තේරුණා, යශෝධා එක්ක වැඩ කරන්න නම් ඇය නිදහස් වෙන්න එපැයි අනිත් වැඩවලින්.
ඒ නිදහස ඇයට ලබාගන්න බැරි වුණා.
ඒ හේතුව නිසාම, ලංකාවේ ඒ රූපය හමුවුණු නැති නිසාම තමයි
මට ඉන්දියාවට යන්න සිද්ද වුණේ,, පූජා හොයාගෙන. එහෙම සිද්ධියක් තමයි වුණේ….”

උපුටාගැනීම : Kalum Wijesooriya සමඟ කළ කතාබහක් ඇසුරින්

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka