gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මත්ද්‍රව්‍යයේ ශාපය දරුවන්ට: මව්පියන් රිමාන්ඩ්, බාල දරුවන් දෙදෙනෙකු වේල්ල වීදියේ මහමඟට!

කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයේ පොදු වැසිකිළියක් අසල අතහැර දමා ගොස් සිටි අවුරුදු 10ක දැරියක සහ 9 හැවිරිදි පිරිමි දරුවෙකු වේල්ල වීදිය පොලිසිය විසින් සොයාගෙන තිබේ. 

තමන් රැකියාවක් සඳහා විදේශගත වන බව පවසමින්, පසුගිය 19 වැනිදා ත්‍රිරෝද රථයකින් පැමිණි දරුවන් රැකබලා ගත් බව කියන ඥාති කාන්තාවක විසින් ඔවුන්ව මෙලෙස අමානුෂික ලෙස මහමඟට ඇද දමා ගොස් ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම අසරණ දරුවන්ගේ මව්පියන් දෙදෙනාම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. 

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත වේල්ල වීදිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබන අතර, දරුවන් භාරදීම සඳහා ඔවුන්ගේ වෙනත් ඥාතීන් පිළිබඳව සොයා බැලීමට පොලිසිය උත්සාහ කළද මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka