gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ව්‍යාජ බැංකු වෙබ් අඩවියකින් ලක්ෂ 10ක් ගැසූ 22 හැවිරිදි තරුණයා දැලේ!

පුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමාන අයුරින් සකස් කළ ව්‍යාජ වෙබ් අඩවියක් (Phishing Site) හරහා පාරිභෝගිකයෙකුගේ රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් වංචා කළ 22 හැවිරිදි තරුණයෙකු පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු, වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ මෙහෙයුමකදී පෙරේදා (20) දින කොටු කරගෙන තිබේ. සැකකරු වාරියපොල පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව ඊයේ (21) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, අන්තර්ජාලය ඔස්සේ බැංකු ගනුදෙනු සිදු කිරීමේදී අදාළ බැංකුවේ නිල වෙබ් අඩවිය පිළිබඳව දැඩි ලෙස විමසිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවට විශේෂ දැනුම්දීමක් කරයි. 

විශේෂයෙන්ම ලැබෙන කෙටි පණිවිඩ හෝ විද්‍යුත් ලිපි හරහා වෙබ් අඩවිවලට පිවිසීමේදී ඒවායේ විශ්වාසනීයත්වය තහවුරු කරගැනීම මෙවැනි සංකීර්ණ මූල්‍ය වංචාවලින් ආරක්ෂා වීමට අත්‍යවශ්‍ය බව බලධාරීන් අවධාරණය කර සිටී.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka