කිළිනොච්චිය ජෙයපුරම් විද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක පවුලේ ආරවුලක් මත ගෙළ වැළලාගෙන 25 දා සිය දිවි හානි කරගෙන තිබේ
ඇය විසින් භාවිත කළ ජංගම දුරකතනයේ තිබූ තොරතුරු සම්බන්ධයන් ඇගේ මව දිගින් දිගටම ප්‍රශ්න කිරීමෙන් පසුව ඇයට ඒ සම්බන්ධයෙන් තරවටු කිරීම නිසා ඇය සිය දිවි හානි කරගෙන ඇති බවට තොරතුරු හෙළිවී ඇත. පාසල් ශිෂ්‍යාව සිය දිවි හානි කරගැනීමට පෙර සියලු තොරතුරු අඩංගු ලිිපියක් ලියා ඇති අතර ජෙයපුරම් පොලිසිය විසින් එම ලිපිය සොයා ගෙන තිබේ.
මියගිය ශිෂ්‍යාවගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ජෙයපුරම් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ජෙයපුරම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
