gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සියදිවි නසාගත් සුරූපී නිළි සුභාෂිනී අද සියල්ල හඩවමින් ලංකාවේදී අවසන් ගමන් යයි

ඉන්දියාවේ "ශාශ්වී බාලා" යන නමින් කලා කටයුතුවල නිරත වෙමින් ඉමහත් ජනප්‍රියත්වයක් ලැබූ සුභාෂිනී බාලසුබ්‍රමනියම් මහත්මියගේ දේහය මේ වන විට ජා-ඇල පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද එනම් අප්‍රේල් 12 වැනිදා පස්වරු 3.00 ට වැලිසර පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. ඇයගේ අකල් වියෝව පිළිබඳව මෙරට මෙන්ම ඉන්දියාවේ ද කලාකරුවන් සහ රසිකයින් සිය ශෝකය පළ කර සිටිති.

ඉන්දියාවේ ‘සන් ටීවී’ (Sun TV) නාලිකාවේ විකාශය වන අතිශය ජනප්‍රිය ‘කායල්’ (Kayal) ටෙලි කතා මාලාව හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රංගන ශිල්පිනි සුභාෂිනී බාලසුබ්‍රමනියම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි, පවුල් ආරවුලක් හේතුවෙන් ඇය පසුගිය 06 වනදා සිය නිවසේදී ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති අතර මෙම අවාසනාවන්ත මරණය වාර්තා වන්නේ ඇයගේ උපන්දිනය සැමරීමට දින හයකට පෙර වීම විශේෂත්වයකි.

කොළඹදී උපත ලැබූ සුභාෂිනී, කොළඹ යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන් සහ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ.

ඇයගේ පියා ලාංකිකයෙකු වන අතර මවගේ දෙමාපියන් ඉන්දීය ජාතිකයන් වේ. ඇය සිය කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ ‘නේත්‍රා ටීවී’ නාලිකාවේ නිවේදිකාවක ලෙස වන අතර දමිළ වැඩසටහන් හඬකැවීම් ශිල්පිනියක ලෙස ද ඇය එකල ප්‍රකටව සිටියාය.

ප්‍රවීණ රංගන ශිල්පිනි නිරංජනී ෂන්මුගරාජා සහ සුභාෂිනීගේ කලා ගමන එකට ආරම්භ වූවක් වන අතර ඔවුන් දෙදෙනාම නිවේදන ක්ෂේත්‍රයෙන් සිය මූලාරම්භය සනිටුහන් කර පසුව අශෝක හඳගම මහතාගේ "ඉනියවන්" සිනමාපටය හරහා රිදී තිරයට පිවිසියහ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka