පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී ඉරාන නියෝජිතයින් සමඟ පැය 14කට අධික කාලයක් පුරා පැවැති තීරණාත්මක සාම සාකච්ඡා වටය කිසිදු එකඟතාවයකින් තොරව අසාර්ථක ලෙස නිමාවීමෙන් පසු, ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) ඇතුළු දූත පිරිස 'Air Force 2' නිල ගුවන් යානයෙන් යළි වොෂින්ටනය බලා පිටත්ව ගොස් තිබේ.
ඇමරිකාව ඉදිරිපත් කළ සාම කොන්දේසි ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පිටත්ව යාමට පෙර උප ජනාධිපතිවරයා තහවුරු කළ අතර, මෙම සාකච්ඡා බිඳවැටීමත් සමඟ මැදපෙරදිග කලාපීය සාමය පිළිබඳව මෙතෙක් පැවැති බලාපොරොත්තු දැඩි අවිනිශ්චිතභාවයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
