ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මවක් සහ ඇයගේ 31 හැවිරිදි අනියම් පුරුෂයා විසින් වයස අවුරුදු 2ක කුඩා දැරියක රුපියල් 40,000ක මුදලකට අලෙවි කිරීමේ අතිශය කනගාටුදායක පුවතක් වාර්තා වේ.
මොවුන් විසින් එම මුදලින් රුපියල් 15,000ක් වැයකර ජංගම දුරකථනයක් ද මිලදී ගෙන ඇති අතර, දැරිය මිලදී ගත් කටුනායක ප්‍රදේශයේ පදිංචි කාන්තාව ද ඇතුළුව සැකකරුවන් තිදෙනාම ධර්මපුරම් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ග්‍රාම නිලධාරීවරයාට ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමෙන් පසු සැකකරුවන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාර මව ප්‍රකාශ කර ඇත්තේ අදාළ දැරිය සහ ඇයගේ සිව් හැවිරිදි වැඩිමහල් සොහොයුරිය තැලසීමියා රෝගයෙන් පෙළෙන බැවින්, ප්‍රතිකාර සඳහා මුදල් සොයා ගැනීමට මෙලෙස දියණිය විකුණූ බවයි.
කෙසේ වෙතත්, ප්‍රතිකාර සඳහා මුදල් සොයන බව පවසමින් රුපියල් 15,000ක ජංගම දුරකථනයක් මිලදී ගත්තේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව සැකකරුවන් පොලිසිය හමුවේ නිසි පිළිතුරක් ලබා දී නොමැත. රෝගී දරුවෙකුගේ ජීවිතය මුදලට හා භෞතික සම්පත්වලට පාවා දුන් මෙම අමානුෂික ක්‍රියාව ප්‍රදේශවාසීන්ගේ දැඩි පිළිකුලට ලක්ව ඇත.
