gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

දේශපාලන හයියෙන් වසර 28ක් මුල් ඇද තිබූ කන්ටේනර පෙට්ටියක් අධිකරණ නියෝගයෙන් ගැලවෙයි

ළිදුල , මෙරායා නගරයේ වෝල්ට්‍රීම් වත්ත ප්‍රදේශයේ වසර 28ක් තිස්සේ තබා තිබූ යකඩ කන්ටේනරයක් නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත ඉවත් කිරිමට ලිදුල පොලිසියේ නිළධාරින් පියවර ගෙන තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වරයෙකු වශයෙන් කටයුතු කරන පුද්ගලයෙකු නගර ආසන්නයේ ඉඩමක් අල්ලා ගැනිමේ අධිටනින් එම කන්ටේනර් පෙට්ටිය මෙරායා නගරය ආසන්නයේ තබා තැබීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය මගින් එම කන්ටේනර් පෙට්ටිය ඉවත් කරන ලෙසට ලිදුල පොලිසියට සහ ආගරපතන ප්‍රාදේශීය සභාවට කල ලිඛිත දැනුම්දීමක් මත ලිදුල පොලිසිය මගින් එම කන්ටේනරය ගෙනැවිත් තැබූ ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපතිවරයාට එරෙහිව නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණි.

එම කරුණු සලකා බැලූ නුවරඑලිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය එම කන්ටේනර් පෙට්ටිය මේ මස (28) දිනට ප්‍රථම ඉන් ඉවත් කර ඒ පිළිබදව අධිකරණයට කරුණු වාර්ථා කරන ලෙසට ලිදුල පොලිසිය කල නියෝගයක් මත එම කන්ටේනර් පෙට්ටිය රැගෙන විත් තැබූවේ යැයි කියන ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා එම කන්ටේනර් පෙට්ටිය ඉවත් කර එය පරණ යකඩ එකතු කරන පුද්ගලයෙකුට විකුණා ඇති බවද ලිදුල පොලිසිය කියා සිටියේ.

(රංජිත් රාජපක්ෂ)

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka