gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සෙව්වන්දි තවත් දින 30ක් රඳවාගනියි - ගණේමුල්ල සංජීව ඝාතන සැකකරුවන් 8ක් තවම රට!

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ "ගණේමුල්ල සංජීව" අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාර සෙව්වන්දි තවත් දින 30ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) ඊයේ (20) අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකාරිය විදේශයකදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමෙන් පසු දින 90 බැගින් වූ අවස්ථා දෙකකදී (දින 180ක්) රඳවා තබාගෙන ප්‍රශ්න කර ඇත. එම රැඳවුම් නියෝග කාලසීමාව අවසන් වීම හේතුවෙන් විමර්ශන කටයුතු සඳහා තවත් දින 30ක අතිරේක කාලයක් අවශ්‍ය බව පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

මෙම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් 08 දෙනෙකු මේ වන විට විදේශගතව සැඟව සිටින බව පොලිසිය අනාවරණය කළේය. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා "රතු නිවේදන" (Red Notices) නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද මෙහිදී ප්‍රකාශ විය.

විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka