gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

නැදුන්ගමුවේ රාජා යළි වැඩමවයි! අදින් පස්සේ දකින්න ලැබෙන ඒ පිංවත් දසුන මෙන්න.. මුළු රටේම අවධානය කොළඹට!

මුළු මහත් ලාංකිකයන්ගේම ගෞරව බහුමානයට පාත්‍ර වූ, දළදා සමිඳුන්ගේ කරඬුව වඩම්මන්නට තරම් පින් කළ ඒ අභිමානවත් "නැදුන්ගමුවේ රාජා" ගැන ඔබ හැමෝටම මතක ඇති. 

2022 වසරේ අපෙන් සමුගත් ඒ මහා හස්තිරාජයා, ආයෙත් දවසක ජීවමාන ස්වරූපයෙන් දැකගන්න තිබුණා නම් කියලා හිතපු දහස් ගණන් රසිකයන්ට මෙන්න සුබ පුවතක්.

නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික කෞතුක වස්තුවක් ලෙස ප්‍රතිස්ථාපනය කර විවෘත කිරීම අද (10) කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී සිදු කෙරෙනවා.

ආසියාවේ උසම හස්තියා ලෙස විරුදාවලිය ලත් නැදුන්ගමුවේ රාජාගේ ජීවමාන ස්වරූපය ඒ විදිහටම දැකගන්න පුළුවන් වෙන විදිහට මේ අනුරුව නිර්මාණය කරලා තියෙන්නේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ දක්ෂ ශිල්පීන් පිරිසක්.

අද (10) නිල වශයෙන් විවෘත කරන අතර, හෙට (11) සිට ඕනෑම කෙනෙකුට කොළඹදී රාජාව දැකබලා ගන්න අවස්ථාව ලැබෙනවා.

මරණයෙන් දින 14ක් ඇතුළත ඉතාමත් සූක්ෂම ලෙස ඉවත් කළ චර්මය සහ දළ යුගලය යොදාගෙන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුවයි මේ සංරක්ෂණ කටයුත්ත කරලා තියෙන්නේ.

13 වතාවක් දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහරේ කරඬුව වඩම්මවන්නට තරම් රාජා වාසනාවන්ත වුණා. කොපමණ දුරක් වුණත් ලොරි වල යන්නේ නැතුව පාගමනින්ම යන්න කැමති වුණු රාජාගේ පාලකයා වුණේ හැමෝම ආදරේ කරපු "කළු මාමා".

මහනුවර දළදා මාලිගාවේ ඉන්න "රාජා" වගේම, දැන් නැදුන්ගමුවේ රාජාවත් කොළඹදී ඔබට දැකබලා ගන්න පුළුවන්. ඉතින්, මේ අභිමානවත් හස්ති රාජයාව ආයෙත් වතාවක් දැකගන්න ඔබත් අනිද්දා ඉඳන් කොළඹ යන්න ලෑස්තිද?

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka