ඉන්දීය සාගරය මීට පෙර කවරදාකවත් නොවූ විරූ අයුරින් රුධිරයෙන් තෙත් වෙමින් පවතින යුගයක් උදා වී ඇත.
🔰- ඇමරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් ඉරාන යුද නෞකාවක් විනාශ වී සෙබළුන් 80කට අධික පිරිසක් මියයාමේ කම්පනය මැකී යන්නටත් පෙර, දෙවන ඉරාන නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමත් සමඟ අපේ රටේ දැඩි දේශපාලනික සහ ආරක්ෂක අර්බුදයකට මැදිව තිබේ.
🔰- මේ වනවිට කොළඹ අගනුවර සිට දකුණු දෙසින් නාවික සැතපුම් 20ක් පමණ දුරින් මෙම නෞකාව රඳවා තිබේ.
🔰- මෙහි නාවිකයින් ඇතුළු සාමාන්‍ය වැසියන් 100කට අධික පිරිසක් සිටින බව වාර්තා වේ.
🔰- ඔවුන් කියා සිටින්නේ තම නෞකාවේ එන්ජිමේ කාර්මික දෝෂයක් පවතින බවයි, එම නිසා තම නෞකාවට ශ්‍රී ලංකා වරායකට ඇතුළු වීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇත.
🔰- පළමු නෞකාවට (IRIS Dena) එල්ල වූ ප්‍රහාරයත් සමඟ ඇති වූ ආරක්ෂක අවදානම සලකා, ශ්‍රී ලංකා රජය මෙම දෙවන නෞකාවට වරායට ඇතුළු වීමට අවසර ලබා දී නැත.
🔰- "අපි මෙම නෞකාවට ගොඩබිමට පැමිණීමට ඉඩ දෙන්නේ නැහැ. නමුත් මානුෂීය පදනම මත අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කරනවා," යැයි කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර ඇත.
🔰- මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අදාළ මුහුදු සීමාවේ නිරීක්ෂණ කටයුතු දැඩි කර ඇත.
🔰- අතීතයේ සිටම සිංහලයා යනු "වැටුණු මිනිසාට අත දෙන" ජාතියක් නමුත් මේ මොහොතේ එම මනුස්සකම රටේ විනාශයට පාර කපයිද යන බිය ජනතාව තුළ මෙන්ම ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් තුළ ද දැඩිව මතුව ඇත.
🔰- දැනටමත් ඇමරිකානු ටෝපිඩෝ ප්‍රහාරයෙන් මියගිය ඉරාන සෙබළුන් 87 දෙනෙකුගේ මළ සිරුරු ගාල්ල වරායට රැගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති අතර, තුවාල ලැබූ 32 දෙනෙකුට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා දේ.
🔰- දේශපාලන භේදයකින් තොරව, මිනිස් ජීවිත බේරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ පෙනී සිටීම අගය කළ යුතු කාරණයක් වුවත්, ප්‍රශ්නය පැන නගින්නේ එතැනදීය.
🔰- IRIS Dena නෞකාවට පහර දුන් ඇමරිකානු සබ්මැරීන තවමත් එම මුහුදු සීමාවේම සැරිසරයි.
🔰- එවැනි මොහොතක, ඇමරිකාවේ ප්‍රධාන සතුරා වන ඉරානයේ දෙවන නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටීමට ඉඩ දීමෙන් අප රටද ඇමරිකාවේ ඉලක්කයක් බවට පත්වීමේ අවදානමක් නැද්ද?
🔰- ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසන්නේ ඉරාන නාවික හමුදාව තමන් දඩයම් කරන බවයි.
🔰- මෙවැනි තත්ත්වයක් තුළ, කාර්මික දෝෂයක් පවතින බව පවසමින් කොළඹට නාවික සැතපුම් 20ක් දුරින් නතර කර ඇති දෙවන ඉරාන නෞකාවට උදවු කිරීමට යාමෙන් ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් "රතු එළි" ලැබිය හැකි නොවේද?
🔰- ශ්‍රී ලංකාව ඉරානය සමඟ ඓතිහාසික මිත්‍රත්වයක් පවත්වන බව නොරහසක්.
🔰- විශේෂයෙන්ම තෙල් ලබාගැනීමේදී සහ අනෙකුත් ආර්ථික කටයුතුවලදී ඉරානය අපට විශාල වශයෙන් උදවු කර ඇත.
🔰- ඒ කළගුණ සැලකීම සිංහලකම වුවත්, ලෝක බලවතා වන ඇමරිකාව සමඟ හැප්පීමට යාමෙන් අපේ රටේ ආර්ථිකයට සහ ආරක්ෂාවට "කෙළවෙයිද" යන්න මේ වෙලාවේ බරපතල ප්‍රශ්නයක්.
🔰- ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජයට දැන් තීරණ දෙකක් ඇත, 👇🏻
🔷 - එක්කෝ මනුස්සකම තෝරාගෙන , ඉරාන නෞකාවට වරායට එන්නට ඉඩ දී, එහි සිටින 100කට අධික පිරිස බේරාගැනීම. (මෙහිදී ඇමරිකාවේ සහ ඉශ්‍රායලයේ අප්‍රසාදයට ලක්වීමට සිදුවේ).
🔷 - එහෙමත් නැත්තම් , රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාව තෝරාගැනීම - නෞකාවට අවසර නොදී වහාම ජාත්‍යන්තර මුහුදට පිටත් කර හැරීම. (මෙහිදී මිතුරු ඉරානය අමනාප කර ගැනීමට සිදුවේ).
🔰- කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ ඔවුන් මේ වෙලාවේ උත්සාහ කරන්නේ "ජීවිත බේරාගැනීමට" බවයි.
🔰- නමුත් ජාත්‍යන්තර දේශපාලනය මනුස්සකම මත පදනම් නොවේ.
🔰- එය පදනම් වන්නේ බලය මතයි.
🔰- ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගින්නට මැදි වුවහොත්, ලංකාවත් ඇමරිකානු 'ටෝපිඩෝ' ඉලක්කයක් වෙයිද?
🔰- ශ්‍රී ලංකාව මේ දක්වා නොබැඳි පිළිවෙතක සිටියද, යුද මෙහෙයුම් අපේ දොරකඩටම පැමිණ ඇත.
🔰- ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේවන විට ආරක්ෂක මණ්ඩලය සහ විදේශ අමාත්‍යාංශ නිලධාරීන් සමඟ මේ පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක නිරත වෙයි.. මෙම නෞකාවට ඉන්ධන හෝ ආහාර ලබා දී ජාත්‍යන්තර මුහුදට පිටත් කර හරිනවාද, නැතහොත් වෙනත් විකල්පයකට යොමු වෙනවාද යන්න එහිදී තීරණය වනු ඇත.
🔴- "අවසානයේදී, ශ්‍රිලංකාවේ මනුස්සකම යනු අපට ලෝකය දිනන්නට ඇති මාවතක්ද, නැතිනම් චීස් කෑල්ලට ලෝභ වී මී උගුලේ බෙල්ල හිරකරගත් මීයා මෙන් අපේම විනාශයට අතවැනීමක්ද යන්න තීරණය වන්නේ ජනපතිගේ මීළඟ තීන්දුව මතය.

