gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

උපුල් ශාන්ත සන්නස්ගලට සංගීතවේදී සමන්ත පලු යන්න බනියි - යාළුකමවත් ගැන නොහිතා ජරා වැඩක් කරලා!

සිංහල ගුරුවරයෙක් ලෙස ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ උපුල් ශාන්ත සන්නස්ගල පසුගිය දවසක කිසිදු අවසරයකින් තොරව සංගීත්වේදී සමන්ත පෙරේරාගේ ගීත කිහිපයක් විවිධාකාරයෙන් වෙනස් කර තිබෙන බවට චෝදනා කරයි.

මේ සම්බන්ධව දැනුවත් වී නොසිටි බව වැඩිදුරටත් සඳහන් කරමින් එක්තරා වැඩසටහනකට සම්බන්ධ වී සඳහන් කලේ පහත ආකාරයේ ප්‍රකාශයකි,

''මගේ ගීත මේ ගිය සතියට එපිට සතියෙ එක්තරා ප්‍රසංගයකදී, මියුසික් ඔක්කෝම වෙනස් කරලා වෙනස් විදියට දාලා ගීතය ගායනා කළා. මට ඇත්තටම ඒ වෙලාවෙදි හරි තරහක් සහ වේදනාවක් ආවා. මගේ කිසිම අවසරයකින් තොරව මේ ගීත වෙනස් කරලා. මම නිර්මාණය කරපුවා. මම ගයපුවා නෙවෙයි. එතකොට මට අයිතිය තියෙනවනෙ. මම නිර්මාණය කරපු ගීත වෙනස් කරලා වේදිකාවක ගායනා කරනවා.

එකක් නෙවෙයි, ගීත තුනක් ගායනා කළා. දෙන්නෙක් ඉන්නවා. සමස්ත ඒ වැඩේ කරපු මූලිකයට සහ මියුසික් කරපු කෙනාට, මේ ඔක්කොම අපෙ යාළුවෝ. යාළුකමට මේ වැඩ කරන්න බෑ. යාළුකම වෙනස් මේ වැඩ වෙනස්. මියුසික් කරපු කෙනාට තිබ්බා මගෙන් අහන්න. මහේෂ් දෙණිපිටිය.

මහේෂ් අපි හොඳ යාළුවෝ. මහේෂ්ට තිබ්බා සමන්ත අපි මෙහෙම එකක් කරනවා මේක කමක් නැද්ද කරාට... මම හා හරි එපා හරි කියනවා. මේ වැඩේ උපුල් ශාන්ත සන්නස්ගලගෙ තිබ්බෙ, නිර්වාණ ප්‍රසංගය.. උපුල් ලිව්වෙ, මම මියුසික් කළේ,,, ගීතය 'සඳ පහන් රැයේ' සඳ පහන් රැයේ, කුමරානණේ සහ තටු ඇවිල්ලා. කවුරු ගායනා කළත් මට ඒකෙ ගැටළුවක් නෑ. මට තියෙන්නෙ උපුල්ට යුතුකමක් තිබ්බා, මචං මම මේ ගීතය මෙයාට දීලා පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්නද කියලා අහන්න තිබ්බා. මහේෂ්ටත් අහන්න තිබ්බා, අනේ සමන්ත අපි මෙහෙම වෙනස්කම් කරන්නම් ප්‍රශ්නයක් නැද්ද කියලා අහන්න තිබ්බා. මම අවසර දෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් මේක කිසිම අවසරයකින් තොරව, සදාචාරයක් නැතුව මේක එදා මෙහෙම යනවා. මට එදා හරි කණගාටුවක් ඇති වුණා."

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka