gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අමෙරිකා-ඉරාන නාවික ගැටුම් උග්‍ර වෙයි: ජාත්‍යන්තර මුහුදට පිවිසීමෙන් වළකින ලෙස ධීවරයින්ට රජයෙන් දැඩි අවවාද!

​ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර මුහුදු කලාපය තුළ ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සමස්ත ධීවර ප්‍රජාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. 

ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ මේ වන විට පැනනැගී ඇති දැඩි අවදානම් සහගත සහ අනාරක්ෂිත තත්ත්වය විශේෂයෙන් සැලකිල්ලට ගනිමින්, ධීවරයින්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

​මෙම හදිසි අනතුරු ඇඟවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ඊයේ දිනයේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ දී අමෙරිකානු සබ්මැරීනයක් මගින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ඉරාන යුද නෞකාවක් මුහුදුබත් වීමයි. 

මේ වන විට අදාළ මුහුදු කලාපය තුළ පුළුල් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, තවත් ඉරාන නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ස්ථානගත කර ඇති බැවින්, නැවත දැනුම් දෙන තුරු ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත යාත්‍රා කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස බලධාරීහු ධීවරයන්ට වැඩිදුරටත් උපදෙස් දෙති

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka