gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

”මම දේශපාලනයෙන් සල්ලි හම්බකරලා නෑ. මම හොඳ සල්ලි හම්බකළේ. ඉරාජ්ගෙ දේශපාලන මතයට ගැහුවට, තාත්තා හොරෙක් කියලා ගහන්නෙ නැත්තෙ ඒකයි” – ප්‍රීතිරාජ් වීරරත්න

මෙරට සිනමා කර්මාන්තය තුළ වඩාත් ඉහළින් කියවෙන නමකි, ප්‍රීතිරාජ් වීරරත්න.

සිනමාව තුළ නොමැකෙන සුවිශේෂී සලකුණක් වන ඔහු, ජනප්‍රිය සංගීත ශිල්පි ඉරාජ් වීරරත්නගේ ආදරණීය පියාණන් හැටියට ද කතාබහට ලක්වන චරිතයක්.

විශේෂම කාරණය නම්, ඉරාජ්ගේ දේශපාලනය තුළ ප්‍රීතිරාජ් වීරරත්න නම නොකියවීම.

එයාකාරයෙන් පුත්‍රයාගේ දේශපාලන මතය තුළ පියාගෙ නම නොකියවීම ගැන, ප්‍රීතිරාජ් වීරරත්න පහුගිය දවසක මෙලෙස අදහස් දක්වා තිබුණා….

”ඒ දවස්වල සමහර දවසට මම පැයක් දෙකක් විතරක් නිදාගෙන වැඩ කළේ. එහෙමයි මම හම්බ කළේ.

මම කවදාකවත් දේශපාලනයෙන් සල්ලි හම්බකරලා නෑ. දේශපාලකයින් පස්සෙන් ගිහිල්ලා සල්ලි හම්බකරලා නෑ.

කොමිස් ගහලා නෑ. මම හොඳ සල්ලි හම්බුකරපු කෙනෙක්.

ඒකයි අදටත් ඉරාජ්ගෙ දේශපාලන මතභේද දරන අය ගැහුවට මට ගහන්නෙ නෑ කවුරුත්.

කවුරුත් ගහන්නෙ නෑ තාත්තා හොරෙක් කියලා. කාටවත් ගහන්න බෑ එහෙම….”

ඔහු එහෙම කියද්දි, කෙනෙක්ට හිතන්න පුළුවන් තාත්තා ඉරාජ්ට චෝදනාවක් එල්ල කරනවා ද කියලත්,

”නෑ, මම ඉරාජ්ට චෝදනා කරනවා නෙවෙයි. ඒක ඉරාජ්ගෙ දේශපාලන මතයනෙ.

සමහර එයා කියන ඒවා ඇත්ත. අමුතුම දෘෂ්ඨිකෝණයකින් එයා බලන්නෙ…

පොඩිකාලේ ඉරාජ් ගොඩක් ලැජ්ජයි ඇත්තටම.

ඒ කාලෙ ඉඳලම සංගීතයට කැමතියි.

මම රට යනකොට දුව පොතක් වගේ ලිස්ට් එකක් ලියලා දෙනවා මට ගේන්න ඕනි ඒවා.

ඉරාජ් ලියලා දෙන්නෙ පොඩි චූටි කොල කෑල්ලක එකයි දෙකයි.

ඒක හොයන්න මම යන්න ඕනි සෑහෙන්න. සමහර ඕගන්ස් එහෙම අවුට් වෙලත් නෑ. ඒවා ගණනුත් වැඩියි.

එකසැරයක් ඩුබායි ගිය වෙලාවක අරන් එන්න ඕගන් එකක් ලියලා දුන්නා,

ඒක ලේසියෙන් හොයාගන්න තිබුණෙත් නෑ.

මම බොහොම ආසාවෙන් එයා ඉල්ලපු හැමදේම ගෙනල්ලා දුන්නා….”

– ප්‍රීතිරාජ් වීරරත්න, අරුණ ගුණරත්න සමඟ සාකච්ඡාවකදී –

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka