gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඇමරිකානු ඊශ්‍රායල ලොක්කෝ විනාසයි - දේශපාලකයන්ගේ හා මිලිටරි ලොක්කන්ගේ පෞද්ගලික නිවාස ඉරාන ඉලක්ක වෙයි!

ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ දේශපාලන මෙන්ම මිලිටරි නායකයින්ගේ පෞද්ගලික නිවාස මින් ඉදිරියට ඉරාන ප්‍රහාර හමුවේ "නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකන බව ඉරාන ඒකාබද්ධ හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත.

ඉරාන ඒකාබද්ධ හමුදා ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆාගරි (Ebrahim Zolfaghari) විසින් මෙම දරුණු නිවේදනය නිකුත් කර ඇත.

ඔහු පවසන්නේ මෙම තීරණය ගනු ලැබුවේ ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ විවිධ නගරවල පිහිටි සාමාන්‍ය වැසියන්ගේ නිවාස ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාරයක් වශයෙන් බවයි.

එම නිවේදනයට අනුව ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ දේශපාලන මෙන්ම මිලිටරි නායකයින්ගේ පෞද්ගලික නිවාස ප්‍රහාරයට ලක් වුවහොත් යුද්ධය තව දුරටත් උණුසුම් හා නොවැලැක්විය හැකි තත්ත්වයකට පත්වේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka