gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ලබන මාසයේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු වෙයි? ලෝකය පුරා ජෙට් ඉන්ධන හිගයක්!

මැදපෙරදිග හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දිගින් දිගටම වසා තැබීම හේතුවෙන් ලෝකය පුරා ගුවන් සේවා දැඩි ජෙට් ඉන්ධන හිඟයකට මුහුණ පා ඇති බවට කර්මාන්ත විශේෂඥයෝ අනතුරු අඟවති. 

ලබන අප්‍රේල් මාසයේ සිට මෙම තත්ත්වය දරුණු විය හැකි අතර, විශේෂයෙන්ම කාර්යබහුල පාස්කු නිවාඩු සමය අවසානයේදී දිගු ගමන් වාර (Long-haul flights) විශාල වශයෙන් අවලංගු වීමේ අවදානමක් මතුව ඇත. 

ගෝලීය තෙල් වෙළෙඳුන් පෙන්වා දෙන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සැපයුම් ජාල බිඳ වැටීම නිසා දැනට පවතින ඉන්ධන සංචිත වේගයෙන් ක්ෂය වෙමින් පවතින බවත්, ඒවා නැවත පිරවීමට නොහැකි වී ඇති බවත්ය.

වියට්නාමය දැනටමත් සිය රටේ ගුවන් ගමන් අප්‍රේල් මාසයේ සිට අවලංගු වීමේ හැකියාවක් පවතින බවට ප්‍රථම වරට නිල වශයෙන් අනතුරු අඟවා තිබේ. චීනය සහ තායිලන්තය සිය රටවල් සතු ඉන්ධන සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා ජෙට් ඉන්ධන අපනයනය තාවකාලිකව නතර කිරීමට ගත් තීරණය මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට හේතු වී ඇත. 

ඉදිරි දින කිහිපය තුළ තවත් රටවල් කිහිපයක් මෙලෙස අපනයන සීමා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ආපසු ගමන සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට නොහැකි වුවහොත් ඇතැම් ගමනාන්ත වෙත පියාසර කිරීම නතර කිරීමට ගුවන් සමාගම්වලට සිදුවනු ඇත.

මෙම බලශක්ති අර්බුදය බ්‍රිතාන්‍යය වැනි රටවලට ද සෘජුවම බලපාන අතර, බ්‍රිතාන්‍යය ආනයනය කරන ජෙට් ඉන්ධනවලින් බහුතරයක් කුවේටය, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පැමිණීම ඊට හේතුවයි. පවතින යුදමය ගැටුම් හේතුවෙන් මෙම සැපයුම් මාර්ග අවහිර වුවහොත් ජාත්‍යන්තර ගුවන් ගමන් කාලසටහන් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සිදුවනු ඇත. 

ගෝලීය ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය මීට පෙර මුහුණ නොදුන් ආකාරයේ අර්බුදයකට මෙලෙස මුහුණ දී ඇති බව 'ද ටයිම්ස්' පුවත්පත සහ නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka