gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ලෝකාන්තයෙන් ප්‍රපාතයට වැටුණු වෛද්‍ය ශිෂ්‍යාව පැය ගණනාවක මෙහෙයුමකින් පසු නිරුපද්ධිතව බේරාගැනේ!

හෝර්ටන්තැන්න ලෝකාන්තය නැරඹීමට පැමිණි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 23 හැවිරිදි ශිෂ්‍යාවක ඊයේ (19) පෙරවරුවේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී අඩි 50ක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබේ. ඇය ප්‍රපාතයට ඇද වැටෙන අවස්ථාවේදී ගසක අත්තක එල්ලී දිවි බේරාගෙන ඇති අතර, එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ වනෝද්‍යාන රියදුරෙකු සිය ජීවිත අවදානම පවා නොතකා බෑවුමට බැස ඇයව අත්තෙන් මුදාගෙන ආරක්ෂිතව ගලක් මත වාඩිකරවීමට සමත්ව ඇත. 

මෙම පුවත සැලවූ වහාම පට්ටිපොළ පොලීසිය, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඇය මුදාගැනීමේ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කරන ලදී.

නුවරඑළිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත කමාන්ඩෝ භට පිරිස්, විශේෂ කාර්ය බලකා නිලධාරීන්, වනජීවී නිලධාරීන් සහ පොලිස් කණ්ඩායම් එක්ව පැය ගණනාවක් පුරා සිදුකළ අතිදුෂ්කර මෙහෙයුමකින් පසු මෙම ශිෂ්‍යාව නිරුපද්ධිතව ඉහළට ගැනීමට හැකිවිය. ඇය එම විශ්වවිද්‍යාලයේම තවත් සිසු සිසුවියන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් පැමිණ සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති අතර, මුදාගැනීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ඇය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ලෝකාන්තය වැනි අතිශය අනතුරුදායක ස්ථානවල සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස බලධාරීන් සංචාරකයින්ගෙන් නැවතත් ඉල්ලා සිටියි. මෙම ශිෂ්‍යාවගේ ජීවිතය බේරා ගැනීමට කැපවූ වනෝද්‍යාන රියදුරා ඇතුළු ආරක්ෂක අංශවල වීරෝදාර ක්‍රියාකලාපය ප්‍රදේශවාසීන්ගේ සහ සංචාරකයින්ගේ ඉහළ ඇගයීමට ලක්ව ඇත. වාසනාවකට මෙන් ඇයට බරපතල තුවාල සිදුව නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka