gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ප්‍රභාකරන් සාකච්ඡා පැවැත්වූ අක්කර හතක ඉඩම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට!

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් විසින් වැදගත් දේශපාලන සහ මාධ්‍ය සාකච්ඡා සඳහා භාවිතා කරන ලද කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ පිහිටි අක්කර හතක ඉඩම සහ ගොඩනැගිලි සංකීර්ණය යුද හමුදාව විසින් පසුගිය (16) වනදා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාර දී තිබේ.

මෙම භූමිය මුල් කාලයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පැවති අතර පසුව එය එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් අත්පත් කරගෙන තිබුණි. යුද්ධයෙන් පසු වසර 15ක පමණ කාලයක් මෙය යුද හමුදාව භාරයේ පැවතිණි.

විශේෂයෙන්ම 2002 වසරේ අප්‍රේල් මාසයේදී කොටි නායක ප්‍රභාකරන් දකුණේ මාධ්‍යවේදීන් සමඟ පැවැත්වූ සුප්‍රකට සාකච්ඡාව සඳහා යොදා ගනු ලැබුවේ ද මෙම ඉඩමේ පිහිටි ගොඩනැගිලි සංකීර්ණයයි.

විශාල අඹ වත්තකින් සමන්විත මෙම පරිශ්‍රය උතුරේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද එල්.ටී.ටී.ඊ. නායකත්වය විසින් නිරන්තරයෙන් භාවිතා කර ඇත
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ නිදහස් කරන ලද මෙම ඉඩම සහ ගොඩනැගිලි ඉදිරියේදී නැවතත් කෘෂිකාර්මික පුහුණු සැසි පවත්වන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka