gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පිඹුරා ගෙලෙහි දවටාගෙන නැටූ 'අවුරුදු කුමරිය' අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග!

ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් කොළඹ රෝයල් මාස් එරීනා පරිශ්‍රයේදී සංවිධානය කරන ලද අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගාවලියක් අතරතුර, ආරක්ෂිත සත්වයෙකු වන පිඹුරකු ගෙලෙහි දවටාගෙන නර්තනයේ යෙදුණු 'නෙත්මි හිරන්‍යා' නමැති තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩි.ජේ. ප්‍රේමරත්න මහත්මිය  ඊයේ (23) වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළාය. 

වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් සත්වයෙකුට හිංසා වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස අදාළ තරුණියට දැනුම් දී තිබුණද, ඇය එය මගහැරීම හේතුවෙන් වනජීවී නිලධාරීන් විසින් අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම ආන්දෝලනාත්මක සිදුවීමට අදාළව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා තරගයේ ප්‍රධාන සංවිධායකවරයා වන චන්දිමාල් ජයසිංහ මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මහේස්ත්‍රාත්වරිය විසින් වනජීවී නිලධාරීන්ට වැඩිදුරටත් අවසර ලබා දී ඇත. 

මෙරට නීතියට අනුව, මෙලෙස ආරක්ෂිත වන සතුන් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම හෝ ඔවුන්ට හිංසා වන අන්දමින් කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බව වනජීවී දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka