gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ගුවන්ගත වී සුළු මොහොතකින් කඩා වැටුණු කොලොම්බියානු හමුදා යානයේ සිටි 71කගේ දිවි බේරා ගනී!

කොලොම්බියාවේ දකුණුදිග ඇමසන් කලාපයට කඩා වැටුණු ගුවන් හමුදාවට අයත් C-130 Hercules යානය තුළ පුද්ගලයින් 125 දෙනෙකු ගමන් කර තිබෙන බවත්, එහිදී 71 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති බවත් හමුදා ආරංචි මාර්ග පැවසූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොලොම්බියානු ගුවන් හමුදාපතිවරයා පවසා ඇති පරිදි, එම යානය තුළ මගීන් 114 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 11 දෙනෙකු ගමන් කර ඇත.

එමෙන්ම අඳාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන අතර දිවි බේරාගත් පිරිසට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

කොලොම්බියානු ගුවන් හමුදාවට අයත් C-130H Hercules වර්ගයේ ගුවන් යානයක් පුඑර්ටෝ ලෙගුයිසාමෝ (Puerto Leguizamo) අසල පිහිටි ලා ටගුවා (La Tagua) ගුවන් පථයෙන් ගුවන්ගත වී සුළු මොහොතකින් කඩා වැටුණු බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka