gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

”මගේ වාහනේ පුච්චලා දැන් අවුරුද්දකට වැඩී. මිනිස්සු ගොඩක් අහනවා සමහර වෙලාවට උඹම නේද ගිනි තියාගත්තේ කියලා.” – චමෝද් කවිෂ්ක

ජනප්‍රිය රියැලිටි තරුවක් වන චමෝද් කවිෂ්ක, ගෙවුණු කාලෙ වඩාත් කතාබහට ලක්වෙන්නෙ,, ඔහුට මුහුණ දෙන්න වුණු අවාසනාවන්ත සිදුවීමක් නිසාවෙන්.

ඒ, ඔහුගේ මෝටර් රථයට ගිනි තබා ඇතැයි වාර්තා වූ පුවතත් එක්ක.

තමන්ගෙම දක්ෂතාවයෙන් ඉස්සරහට ආව චමෝද්ට, තමන් ආසාවෙන් ළඟාකරගත්තු දේවල් විනාශ වෙලා යන එක දරාගන්න ලේසි නොවුණු විත්තිය අරුමයක් නෙවෙයි.

එවකට වඩාත් කතාබහට ලක්වුණු මේ සිදුවීම ගැන, චමෝද් යළි මතකය අවදි කරලා තිබුණා.

ඒ, සිය ෆේස්බුක් පිටුවට සටහනක් එක්කරමින්….

උපුටාගැනීමයි ;

”ගොඩක් කට්ටියට වදී !

“වාහනේ ගිනි තියලාවත් මගේ ඇස් දෙකෙන් කදුලක් වැටුනේ නෑ කියනව නම් ඒක පට්ටපල් බොරු මන් කාටත් හොරෙන් අඩපු තරම් දන්නේ මන් විතරයි “

මේක කියවන්න පටන් ගත්ත ඔයාගෙන් ඉල්ලන්නේ ඉවර වෙනකම්ම කියවන්න කියලා !!

ඉවසලා ඉවසලා මේ කතාව කියන්න හිතුනා

එහෙනම් කතාවට යමු ;

ඒ අද මගේ කන් දෙකට ඇහුන මගේ මූණට කියපු කතාවක් නිසා. ආයිම පාරක් තෙල් පෝලින් නිසා අද දවල් පැලවත්තේ තෙල් පෝලිමට ගියා මන් මගේ වාහනේට තෙල් ටිකක් ගහ ගන්න ගිය වෙලේ මගේ ලගට මනුස්සයෙක් ඇවිල්ලා

“මල්ලෝ වාහනේ හදාගත්තද හරි දුකයි බන් උබට උන වැඩේ ගැන”

කියලා මට කිව්වා ඊට පස්සේ අපි දෙන්නගේ කතා ටිකක් දුර ඇදුනා තෙල් පෝලිමේ යද්දින්. එයාගේ කටින් වෙලාවක මෙහෙම දෙයක් ආවා

” මල්ලි ඔයා එක්ක කතා කරද්දින් මට දෙයක් තේරුනා මිනිස්සු කියන තරම් උබේ ලොකු කමක් නෑ බන්”

දෙයියනේ මන් කාටද ලොකුකම් දැම්මේ

මන් ඒම කා එක්කවත් ලොකුකමින් ජීවත් වෙන්න කැමති මනුස්සයෙක් නෙමේ.

මගේ අම්මයි අප්පච්චී ගමේ මිනිස්සු එයාලා හැමදාම කිව්වේ මිනිස්සු එක්ක ආදරෙන් ඉන්න තරමට අපිට හරියනවා කියලා හැබැයි,

මට දකින හැම කෙනා එක්කම බලෙන් හිනා වෙන්න බෑ මොකද මටත් චකිතයක් තියෙනවා මාව දන්නවද නැද්ද දන්නේ නෑ මට ලැජ්ජා වෙන්න වෙයිද කතා කරන්න ගිහිල්ලා මාව ගනන් ගත්තේ නැති උනොත් කියලා.

අපි ආයි කතාවට යමු”

මගේ වාහනේ පුච්චලා දැන් අවුරුද්දකට වැඩී ඉතින් මිනිස්සූ ගොඩක් අහනවා සමහර වෙලාවට උබම නේද ගිනි තියාගත්තේ කියලා.

මාස ගානක් මහන්සි වෙලා රෑ නිදි නැතුව මිනිස්සුන්ට සිංදු කියලා සතෙන් සතේ හම්බ කරලා,

අම්මගේ අප්පච්චිගෙ කන කර උකස් තියලා ඒ මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි අරන් මන් වෙනුවෙන් බලන් හිටිපු මිනිස්සු වෙනුවෙන් සිංදු කියලා හම්බ කරපු සල්ලිවලින් ගත්ත වාහනේ කොහොමද මන් ගිනි තියාගන්නේ.

මන් දන්නේ නෑ මේක කියවද්දින් කී දෙනෙක්ට අනේ

මූ කියන කතාව ඇත්ත තමා කියලා කී දෙනෙක්ට හිතේවිද කියලා.

හැබැයි

“මගේ වාහනේ ගිනි තියාගත්තා නෙමේ, ගිනි තිබ්බා “

එතකොට ඇයි උබ මේ වගේ දෙයක් ලියන්නේ

ලියන්න හේතුව ?

මන් හිතන විදිහට අවුරුදු 20ක කොල්ලෙක්ට ලැබෙන්න පුලුවන් ලොකුම දෙයක් මගේ ජීවිතේට ලැබුනා.

මටම සමහර වෙලාවට හිතෙනවා ඒ ලැබුන දෙයින් මන් ප්‍රයෝජනයක් ගත්තේ නැද්දෝ කියලා, ?

හැබැයි ඒම නෑ මොකද මගේ අම්මයි අප්පච්චී දන්නව මට උන ප්‍රශ්න කොටින්ම කිව්වොත් මැරුනේ නැති එක විතරයි.වාහනේ ගිනි ගත්තා තව ප්‍රශ්න ගොඩකට මූණ දුන්නා.

ඒ හැමදේකින්ම මන් ශක්තිමත් උනා මන් වැටුනේ නැත්තේ මගෙ අම්මයි අප්පච්චී, මගේ වොයිස් එකට ආදරේ කරපු නිසයි, මන් වෙනුවෙන් හිටිය මනුස්සෝ නිසයි. ඒකයි ඇත්ත කතාව !

වාහනේ ගිනි තියලාවත් මගේ ඇස් දෙකෙන් කදුලක් වැටුනේ නෑ කියනව නම් ඒක පට්ටපල් බොරු මන් කාටත් හොරෙන් අඩපු තරම් දන්නේ මන් විතරයි

සමහරු මගේ ජීවිතේට ඒ මිනිස්සුන්ගේ කපටිකම්වලට ලන් උන අවස්තාද නැතුවාම නෙමේ,

හැබැයි ඒ හැමදේකින්ම මන් වැටුන් නෑ ඉතින් ඒම කෙනෙක් මන්

තව දෙයක්; ලැබෙන්න ඕනි දේවල් ලැබෙන්න ඕනි තැන් නොලැබීම මගේ පහුගිය ආත්මෙක උන දේවල් වෙන්න ඇති.

හැබැයි මන් ඒක වෙනස් කරනවා!

මන් මේ වෙලාවේ ගොඩක් දේවල් නොකියා ඉන්නම් වගේම ආයි මන් මේ දේවල් කියන්නත් නෑ.

හිතේ තිබ්බ අවුල හරියට කියනව නම් පිටු ගනන් ලියන්න පුලුවන්

මේක අවසානේ වෙනකම් කියව්වා නම් ඔයත් මන් ගැන විමසිලිවන්ත කෙනෙක් වෙන්න ඇති.

ඉතින් බෝම ස්තූතියි !

ඔයාලා නිසා තමා මෙච්චර දුර ආවේ….”

උපුටාගැනීම : Chamod Kavishka ෆේස්බුක් පිටුවෙන්

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka