gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

යුද්දෙට මැදිහත් වෙලා ඉන්න ප්‍රධාන රටවල් තුනේ අවසාන තුරුම්පු ගැන ඔබ දන්නවාද?... මේවා එළියට දැම්මොත් ලෝකයටම බඩු බනිස්..

මේ වෙද්දි යුද්ධයට පැටලිලා ඉන්න ප්‍රදාන රටවල් 3 ළඟ තියෙන, හැබැයි ඉතිහාසයේ කවදාවත් කිසිම සැබෑ යුද්ධයකදී පාවිච්චි කරලා නැති අන්තිම තුරුම්පු 3ක් තියෙනවා. මේවා එළියට දැම්මොත් ඒක තමයි තුන්වෙනි ලෝක යුද්ධයේ සහ ලෝක විනාශයේ ආරම්භය.

🇺🇸 1. ඇමරිකාව: UGM-133A Trident II D5 (මුහුදු පත්ලේ නිදා සිටින මකරා) 🌊🚀

බාන්ඩෙ : UGM-133A Trident II D5 Submarine-Launched Ballistic Missile (SLBM).

මේක මුහුද යට යන න්‍යෂ්ටික සබ්මැරීන් වලින් අභ්‍යවකාශයට විදින්න පුළුවන්, අදියර 3ක Solid-propellant මිසයිලයක්. මේකේ දිග මීටර් 13.4යි, බර ටොන් 59ක් වෙනවා. මේකේ තියෙන භයානකම සීන් එක තමයි PBV (Post-boost vehicle) එකක් හරහා වැඩ කරන MIRV තාක්ෂණය. ඒ කියන්නේ එක මිසයිලයක් ඇතුළේ වෙන වෙනම ඉලක්ක වලට යන්න පුළුවන් න්‍යෂ්ටික Warheads 8ක් දක්වා ගබඩා කරලා තියෙනවා. මේවා Stellar updates (තරු මඟින් පථය සකසා ගනිමින්) හරහා පාර හොයාගන්න ගමන්, Hypersonic වේගයෙන් ඇවිත් ටාගට් එකට වදිනවා.

විනාශකාරී හැකියාව: මේ එක Warhead එකක් (W88) කිලෝටොන් 475 ක (475 kt) විතර භයානක බලයකින් පුපුරනවා. මේ වගේ එකක් නගරයකට වැටුණොත් කොන්ක්‍රීට් ගොඩනැගිලි පවා දියවෙලා, මුළු නගරයම තත්පර ගාණකින් අළු වෙලා යනවා. ඇමරිකාව ළඟ මේ වගේ මිසයිල 240ක් විතර Ohio-class සබ්මැරීන් 14ක දාලා මුහුද යට හංගලා තියෙනවා කියල අනුමාන කරනව. ලෝක ඉතිහාසයේ 1945 න් පස්සේ කවදාවත් කිසිම යුද්ධයකදී න්‍යෂ්ටික අවියක් පාවිච්චි කරලා නෑ. ඒ කියන්නේ මේ භයානක Trident මිසයිලත් තාම එකම එක පාරක්වත් සැබෑ යුද්ධයකදි පාවිච්චි කරලම නෑ.

මේ වෙද්දිත් සතුරෙකුට ඇමරිකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න තියෙන ලොකුම බය මේකයි. මොකද මුහුද යට කොහේ ඉඳන් මේ මිසයිල සිය ගාණක් පිටවෙයිද කියලා ලෝකේ කිසිම රේඩාර් එකකට හොයන්න බෑ. මේක තමයි ඇමරිකාවේ "Always-there, never-used" තියරිය.

🇮🇱 2. ඊශ්‍රායලය: Jericho III Nuclear ICBM ("සැම්සන් ඔප්ෂන්" එක) 🏜️☢️

බාන්ඩෙ : Jericho III (YA-4) Solid-fuel Nuclear Ballistic Missile.

මේක අදියර 2ක් හෝ 3ක් තියෙන, කිලෝමීටර් 4,800 ඉඳන් 6,500ක් විතර දුර යන්න පුළුවන් අන්තර්මහද්වීපික මිසයිලයක් (ICBM). මේකේ 150-400 kt බලයක් තියෙන දැවැන්ත න්‍යෂ්ටික Warhead එකක්, එහෙමත් නැත්නම් කුඩා Warheads කිහිපයක් අරන් යන්න පුළුවන්. මේවා ලේසියෙන් එළියට ගන්න බැරි වෙන්න, ඊශ්‍රායලයේ Zacharia / Sdot Micha කියන ප්‍රදේශ වල පොළොව යට හදපු දැවැන්ත බංකර් වල තමයි හංගලා තියෙනවා කියන්නෙ. මේවා Solid-fuel නිසා ඉන්ධන පුරවන්න වෙලාවක් යන්නේ නෑ, තත්පර ගාණකින් ලෝන්ච් කරන්න පුළුවන්.

විනාශකාරී හැකියාව: ඊශ්‍රායලය තමන් ළඟ න්‍යෂ්ටික අවි තියෙනවා කියලා නිල වශයෙන් පිළිගන්නේ නෑ. හැබැයි මේ වගේ Warheads 90ක් විතර උන් ළඟ තියෙනවා කියලා රිසර්ච් වලින් කියනවා. මේ එක මිසයිලයක් යැව්වොත් ටෙහෙරානය වගේ දැවැන්ත නගරයක් එකපාරින්ම අතුරුදහන් කරන්න පුළුවන්.

ඊශ්‍රායලයට කවුරුහරි ගහලා මුළු රටම විනාශ වෙන්න ගියොත්, අන්තිම තත්පරයේදී සතුරාගේ රටවල් ඔක්කොමත් එක්කම විනාශ වෙලා යන්න ගහන ප්ලෑන් එකට කියන්නේ "Samson Option" කියලා. මේ යුද්ධයේදී ඉරානය ඊශ්‍රායලයව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න බය, මේ කවදාවත් එළියට නොදාපු Jericho III මිසයිල වලට තියෙන මානසික බය වෙන්න ඕනි.

🇮🇷 3. ඉරානය: Qaem-100 SLV සහ න්‍යෂ්ටික පිබිදීම🚀⚛️

බාන්ඩෙ : Latent Nuclear Breakout Capability සහ Qaem-100 Solid-Fuel Space Launch Vehicle. (තාම න්‍යෂ්ටික බෝම්බයක් විදියට එකලස් කරලා නැති, හැබැයි ඕනෑම වෙලාවක හදන්න පුළුවන් ටෙක් එකක්).

Qaem-100 කියන්නේ ඉරානයෙන් අභ්‍යවකාශයට චන්ද්‍රිකා යවන්න හදපු අදියර 3ක Solid-fuel රොකට් එකක්. මේකේ පළවෙනි අදියරේ තියෙන Rafe මෝටරේ Carbon-fiber වලින් හදලා තියෙන නිසා පට්ටම සැහැල්ලුයි වගේම ටොන් 68ක දැවැන්ත Thrust එකක් දෙනවා. මේ රොකට් එකේ උඩ කෑල්ල ගලවලා ඒකට න්‍යෂ්ටික බෝම්බයක් සෙට් කරපු ගමන්, මේක කෙලින්ම ICBM එකක් (අන්තර්මහද්වීපික මිසයිලයක්) වෙනවා. අනිත් පැත්තෙන් ඉරානය මේ වෙද්දිත් IR-6 වගේ සුපිරි Centrifuges පාවිච්චි කරලා යුරේනියම් 60% කටත් වඩා සාරවත් කරලයි තියෙන්නේ.

විනාශකාරී හැකියාව: ඉරානයට ඕන වුණොත්, මේ තියෙන යුරේනියම් වලින් මාස 2ක් ඇතුළත න්‍යෂ්ටික Warheads 4ක් හදාගන්න පුළුවන් කියලා රිසර්ච් වලින් කියනවා. ඒ Warheads මේ කියන රොකට් එකට සෙට් කළොත් මුළු මැදපෙරදිගම විතරක් නෙමෙයි, ලෝකේ වටේම තියෙන ඇමරිකානු කඳවුරු වලට පවා කෙලින්ම න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් වෙනවා.

මේ වෙනකන් ඉරානය Qaem-100 රොකට් එක පාවිච්චි කළේ අභ්‍යවකාශ වැඩ වලට විතරයි. ඒ වගේම න්‍යෂ්ටික බෝම්බයකුත් තාම හදලා නෑ. හැබැයි මේ යුද්ධයේදී ඉරානයේ අවසාන තුරුම්පුව වෙන්නේ මේකයි. ඇමරිකාව හෝ ඊශ්‍රායලය ඉරානයට දරුණුම ප්‍රහාරයක් දුන්නොත්, සති ගාණක් ඇතුළත මේ රොකට් එක න්‍යෂ්ටික මිසයිලයක් බවට පත් කරනවා කියන එක තමයි උන්ගේ ලොකුම බය කිරීමේ තුරුම්පුව.

මේ ආයුධ තුනෙන් එකක් හරි කවුරුහරි එළියට ගත්තොත්, අපි මේ දන්න ලෝකේ මේ විදියට ඉතුරු වෙන එකක් නෑ. උබලා හිතන්නේ මේ තුනෙන් භයානකම, හැබැයි කවදාවත් එළියට නොදායි කියලා හිතෙන ටෙක්නොලොජි එක කාගේ ළඟ තියෙන එකද?

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka