gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පෙප්සි වලට යුධ නැවු හුවමාරු කරගත්, රුසියාව අන්ත අසරණ කරපු, ඇමරිකාව පවා බය වුන පෙප්සි සමාගමේ සුපිරිම ගැටය

කෝලා එකක් බීලා නාවික හමුදාවක් ගත්ත කතාවක් ඔබ අහලා තියෙනවද..? මේක විහිළුවක් නෙවෙයි. ඇත්තටම 1989 අවුරුද්ද වෙනකොට ලෝකයේ ප්‍රබලම නාවික හමුදාවන් ලැයිස්තුවේ 6 වැනි තැන හිටියේ රටක් නෙවෙයි ලෝක ප්‍රසිද්ධ පෙප්සි සමාගමයි..

අද අපි කියන්න යන්නේ සීතල යුද්ධය අස්සේ සිද්ධ වුණු, ඉතිහාසයේ ලියැවුණු අමුතුම සහ හාස්‍යජනක ගනුදෙනුවක් ගැන...

🥶කතාව පටන් ගන්නේ 1959 අවුරුද්දේදී.. ඒ කාලේ ඇමරිකාව සහ සෝවියට් දේශය අතර තිබුණේ පුපුරන්න ආසන්න තරහක්. හැබැයි මේ දෙගොල්ලන්ගේ සංස්කෘතීන් මාරු කරගන්න මොස්කව්වල ලොකු ප්‍රදර්ශනයක් පැවැත්වුවා.

එතනදී එවකට ඇමරිකානු උප ජනාධිපති රිචඩ් නික්සන් සහ සෝවියට් නායක නිකිටා කෘෂ්චෙව් අතර ලොකු වාදයක් ඇතිවුණා. වාදය උණුසුම් වෙද්දී, පෙප්සි සමාගමේ ප්‍රධානියා වුණු ඩොනල්ඩ් කෙන්ඩල් හරි අපූරු වැඩක් කළා. ඔහු සීතල කරපු පෙප්සි කප් එකක් කෘෂ්චෙව්ගේ අතට දුන්නා. 🥤

පෙප්සි රස බැලූ කෘෂ්චෙව් ඒකට කොච්චර වශී වුණාද කියනවා නම්, එදා ඉඳන් රුසියාවට පෙප්සි පිස්සුවක් ගැහුවා.

💵 1972 දී පෙප්සි සමාගම රුසියාවේ සිය අලෙවිය නිල වශයෙන් පටන් ගත්තා. හැබැයි මෙතනදී ලොකු ප්‍රශ්නයක් මතු වුණා. ඒ කාලේ සෝවියට් රුසියාවේ මුදල් (Rubles) ජාත්‍යන්තරව පිළිගත්තේ නැහැ. ඒ කියන්නේ පෙප්සි විකුණලා හම්බවෙන රුසියානු සල්ලිවලින් ඇමරිකාවට කිසිම වැඩක් තිබුණේ නැහැ.

ඉතින් මේකට විසඳුමක් විදියට භාණ්ඩ හුවමාරු ක්‍රමය පාවිච්චි කළා.

පෙප්සි දෙනවා ඒ වෙනුවට ස්ටොලිච්නයා වොඩ්කා ගන්නවා 🥃

වසර ගණනාවක් යනකම් පෙප්සි සමාගම රුසියාවට බීම දීලා, ඒ වෙනුවට වොඩ්කා අරගෙන ඇමරිකාවේ විකුණලා ලාභ ලැබුවා.

🚢 1980 දශකය අග වෙද්දී රුසියානුවන් පෙප්සි බොන ප්‍රමාණය කොච්චර වැඩි වුණාද කියනවා නම්, ඒ වෙනුවට දෙන්න වොඩ්කා මදි වුණා. ඒ මදිවට ඇමරිකාව රුසියානු වොඩ්කා වර්ජනය කරන්නත් පටන් අරන් තිබුණේ.

දැන් පෙප්සි සමාගමට සල්ලිත් එපා, වොඩ්කාත් එපා. එහෙනම් මොනවද ඕනේ? 🤨

1989 දී සෝවියට් දේශය ලෝකයම හොල්ලන යෝජනාවක් කළා. පෙප්සි සමාගමට හිඟ මුදල් වෙනුවට ඔවුන්ගේ යුධ නැව් සමූහයක් පවරා දුන්නා.. මේ ගනුදෙනුවට ඇතුළත් වුණේ

ඩීසල් සබ්මැරීන 17ක් ⚓
එක් කෲසර් (Cruiser) වර්ගයේ යුධ නැවක්
එක් ෆ්‍රිගේට් (Frigate) වර්ගයේ නැවක්
එක් විනාශකාරී (Destroyer) වර්ගයේ නැවක්
මේකත් එක්ක එක රැයකින් පෙප්සි සමාගම ලෝකයේ 6 වැනි විශාලතම නාවික හමුදාව හිමි බලවතා බවට පත්වුණා.. 🌍💥

😎 මේ සිද්ධිය ගැන ඇමරිකානු රජය ටිකක් කලබල වුණා. පෙප්සි වගේ පෞද්ගලික සමාගමක අතට යුධ නැව් සහ සබ්මැරීන පත්වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා සමහරු හිතුවා. ඒ වෙලාවේ පෙප්සි ප්‍රධානී ඩොනල්ඩ් කෙන්ඩල් ඇමරිකානු රජයට දුන්නේ පට්ට උත්තරයක්

"මම ඔබලාට වඩා ඉක්මනින් සෝවියට් දේශය නිරායුධ කරනවා. මට බය වෙන්න එපා" 😂

ඇත්තටම මේ නැව් පරණ ඒවා වුණත්, ඒවායේ යකඩවලට ලොකු වටිනාකමක් තිබුණා. පෙප්සි සමාගම මේ නැව් ටික පස්සේ කාලෙක ස්වීඩනයේ සමාගමකට විකුණලා ඒවා ප්‍රතිචක්‍රීකරණය කරලා තමන්ගේ සල්ලි පියවා ගත්තා...

බැලූ බැල්මට මේක සෝවියට් දේශයට (රුසියාවට) වුණු විශාල පාඩුවක් වගේ පෙනුනත්, ඒ කාලේ තිබුණු දේශපාලනික සහ ආර්ථික වටපිටාව අනුව ඔවුන්ට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.

1980 දශකය අග වෙද්දී සෝවියට් දේශය දැඩි ආර්ථික අර්බුදයක හිටියේ. ඔවුන් සතුව ජාත්‍යන්තරව ගෙවීම් කරන්න ඩොලර් තිබුණේ නැහැ. හැබැයි ඔවුන් සතුව විශාල නාවික හමුදාවක් තිබුණා. ඒත් ඒ නැව් සහ සබ්මැරීන බොහොමයක් පරණයි, නඩත්තු කරන්න බැරි තරමට දිරාපත් වෙලා තිබුණේ. ඉතින් රුසියාව කළේ නඩත්තු කරන්න බැරි, අයින් කරන්න හිටපු "යකඩ ගොඩවල්" ටිකක් දීලා තමන්ගේ ජනතාවට අවශ්‍ය පෙප්සි බීම ටික ලබාගැනීමයි.

පෙප්සි සමාගමට දුන්න නැව්වල අවි ආයුධ හෝ නවීන තාක්ෂණය තිබුණේ නැහැ. ඒවා හිස් නැවු විතරයි ඉතින් රුසියාවට තමන්ගේ ආරක්ෂක රහස් පිටවුණේ නැහැ. ඔවුන් කළේ පරණ යකඩ විකුණනවා වගේ වැඩක්.

සෝවියට් දේශය ඇතුළේ පෙප්සි කියන්නේ හුදෙක් බීමක් විතරක් නෙවෙයි, ඒක බටහිර නිදහසේ සහ නවීනත්වයේ සංකේතයක් වුණා. රජයට සිද්ධ වුණා තමන්ගේ ජනතාව සතුටු කරන්න මේ බීම දිගටම ලබා දෙන්න. ඒ වෙනුවෙන් තමන් සතු පරණ හමුදා දේපළ පවා පාවා දෙන්න ඔවුන් පෙළඹුණේ ඒ නිසයි.

රුසියාවට වුණු ලොකුම පාඩුව මේ නැව් දීම නෙවෙයි. 1991 දී සෝවියට් දේශය බිඳ වැටීමත් එක්ක මේ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අවුල් වුණා. පෙප්සි සමාගමට රුසියාවේ තිබුණු කර්මාන්තශාලා විවිධ අලුත් රටවල් (යුක්රේනය, බෙලරුස් වගේ) යටතට පත්වුණා. ඒ නිසා එක රටක් එක්ක දාපු ගිවිසුම රටවල් ගණනාවක් එක්ක බෙදාගන්න සිද්ධ වීම පෙප්සි සමාගමට වගේම රුසියාවටත් ලොකු හිසරදයක් වුණා.

රුසියාව කළේ තමන්ට නඩත්තු කරන්න බැරි "කුණු ගොඩක්" දීලා, තමන්ගේ වෙළඳපොළට අවශ්‍ය බීම වර්ගයක් ලබාගැනීමයි. ඒක ව්‍යාපාරිකව බැලුවොත් ඒ වෙලාවේ හැටියට ඔවුන්ට තිබුණු හොඳම "බේරීම" වුණත්, ලෝක බලවතෙක් තමන්ගේ යුධ නැව් බීම බෝතල්වලට මාරු කිරීම ඉතිහාසයේ ලොකුම "අසරණ වීමක්" විදියට අදටත් සැලකෙනවා.

✨ඔබ මොකද හිතන්නේ? අද කාලේ මෙහෙම ගනුදෙනුවක් වුණොත් අපේ රටේ මොන වගේ දේවල් මාරු කරාවිද..? 👇

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka