ඉරානයට එල්ල වූ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර සමග ඇරඹුණු මැදපෙරදිග අර්බුදය මේවනවිට බොහෝ ව්‍යාපාරවලට බලපෑම් එල්ල කරමින් තිබේ.
ඊට හේතු වී ඇත්තේ ගෝලීය නැව් මාර්ග මේ වනවිට කඩාකප්පල් වීමයි.
මෙම අර්බුදය ජපානයේ වාහන වෙළෙඳපොළට එල්ල කර තිබෙන බලපෑම පිළිබඳ මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.
උමාර් අලි හයිඩර් අලි යනු ජාපනයේ භාවිත කළ මෝටර් රථ අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි.
දශක දෙකක් ජපානයේ ජීවත් වූ හයිඩර් අලි දකුණු ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාවට භාවිත කළ මෝටර් රථ නැව්ගත කළේය.
වාහනවල කල්පැවැත්ම සහ සාපේක්ෂව හොඳ තත්ත්වය නිසා ඒ සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතී.
නිතිපතා පරීක්ෂා කිරීම් සහ නඩත්තු කිරීම අවශ්‍ය වන දැඩි ජපන් රෙගුලාසි වාහන මනා තත්ත්වයේ පැවතීමේ රහසයි.
මෝටර් රථ 500කට වැඩි ප්‍රමාණයක් සහිතව ඔහුගේ වාහන තොගයක් යුද්ධය ආරම්භ වී දින කිහිපයකට පසු මුහුදේ සිරවී තිබුණේ වරාය ඩුබායි සිට හරවා යවන ලද භාණ්ඩවලින් පිරී තිබූ බැවින් නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට නොහැකි වීම නිසාය.
එම වාහන තොගය අවසානයේ පසුගිය සතියේ හම්බන්තොට වරායේදී ගොඩබස්වා තිබුණේ දින 10කට වඩා ප්‍රමාද වීමෙන් පසුවය.
යොකොහාමා පදනම් කරගත් ඔහුගේ සමාගමක් වන කෝබේ මෝටර්, වසරකට මෝටර් රථ 18,000ක් පමණ නැව්ගත කරයි.
ප්‍රධාන වශයෙන් ටොයෝටා සහ හොන්ඩා වඩාත් ජනප්‍රිය වන ශ්‍රී ලංකාව වෙත ඔහු යොමු කරයි.
මේ මොහොතේ,ඔහු සතු භාවිත කරන ලද රෝල්ස් රොයිස්, ලැම්බෝගිනි සහ ෆෙරාරි ඇතුළු සුඛෝපභෝගී වාහන 50ක් පමණ ශ්‍රී ලංකාවේ ගොඩබා ඇති අතර, ඒවා ඇණවුම් කර තිබුණේ මැදපෙරදිග ගනුදෙනුකරුවන් විසිනි.
එහෙත් ඩුබායි වෙත නැව්වලට ළඟා වීමට නොහැකි බැවින් එම වාහන ගනුදෙනුකරුවන් වෙත යැවීමට නොහැකි වී ඇත.
ගුවන් භාණ්ඩ ප්‍රවාහනය ඇතැම්විට ගනුදෙනුකරුවන්ට විකල්පයක් විය හැකි වුවත් ඉහළ පිරිවැය එය ධනවතුන්ට පමණක් සීමා කරනු ඇති බව ඔහු පැවසීය.
ඒ අනුව මේ දක්වා විකල්පයක් නොමැති බැවින් රෝල්ස් රොයිස්, ලැම්බෝගිනි සහ ෆෙරාරි ඇතුළු සුඛෝපභෝගී වාහන 50ක් පමණ තවමත් ශ්‍රී ලංකාවේ රඳවා තැබීමට ඔහුට සිදුව තිබේ.
