gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

”මා රංගනයෙන් සමුගත යුතු කාලය පැමිණ ඇති බව දැනේ” ”ඇත්තෙන්ම මෙය තීරණාත්මක අවස්ථාවකි” – ධනංජය සිරිවර්ධන, රංගනයෙන් සමුගැනීමේ සූදානමක ?

ජනප්‍රිය රංගන ශිල්පි ධනංජය සිරිවර්ධන ලියයි,

”අවදානම සහ සමුගැනීම..

පසුගිය වසරේ විකාශය වූ ඉරගිණි මද්දහනේ බණ්ඩාරකයේ චරිතය මගේ රංගන ජීවිතය තුළ negative (දුෂ්ට, ප්‍රතිවීර) චරිතයක් වෙනුවෙන් මා ලද ඉහළම ජනතා ප්‍රසාදය ලෙස හැඳින්විය හැක.

ඊට සමගාමීව මදර් ලංකා චිත්‍රපටයේ සත්යාගේ චරිතය ද මා රංගන ජීවිතය තුළ ලද විශාලතම ඇගයීම බව සඳහන් කළ හැක.

පිරිමියකු හා ගැහැනියක ( trans woman ) ලෙස අන්ත දෙකක් එකම කාලයේ

රංගන ශිල්පියෙකු තෝරා ගැනීම කෙතරම් අවදානමක්දැයි රංගනය ගැන අල්ප මාත්‍රයක හෝ දැනුමක් තියෙන කෙනෙකුට තේරුම් ගත හැකි බව විශ්වාස කරමි.

නමුත් එම රංගනය කිසිදු නිර්දේශයක් නොලැබීමත්…

පසුගිය වසරේ ජනගත නළුවන් අතරේ නොසිටීමත් හේතුවෙන්

මා රංගනයෙන් සමුගත යුතු කාලය පැමිණ ඇති බව දැනේ..

එහෙත් එම චරිත ද්විත්වය තෝරාගැනීම ගැන කිසිදු පසුතැවීමක් නොමැත. නමුත්……

ඇත්තෙන්ම මෙය තීරණාත්මක අවස්ථාවකි”

උපුටාගැනීම : Dananjaya Siriwardana ෆේස්බුක් පිටුවෙන්

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka