gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මඩකලපුවේදී පැහැරගත් කාන්තාවකට පහරදී පාලු ළිඳකට දමයි - එම ළිඳේම තිබී තවත් කාන්තා මළසිරුරක් හමුවේ!

මඩකලපුව, වව්නතිව් පොලිස් බලප්‍රදේශයට අයත් කොත්තියාපුලෙයි ප්‍රදේශයේදී අමානුෂික ලෙස පැහැරගනු ලැබූ 26 හැවිරිදි කාන්තාවක, නෙල්ලිකාඩු ප්‍රදේශයේ වෙල්යායක පිහිටි පාලු පොදු ළිඳක දමා සිටියදී අසාධ්‍ය තත්ත්වයෙන් බේරාගෙන තිබේ. වඩාත් භීතිකාජනක කරුණ වන්නේ, එම ළිඳ තුළම තිබී තවත් කාන්තාවකගේ මළසිරුරක් පොලීසිය විසින් සොයාගනු ලැබීමයි. පෙරේදා (19) දින මෙම කාන්තාව සිය දියණිය සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටියදී පිරිසක් විසින් ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති අතර, එහිදී දියණියව පසෙකට විසි කර දමා කාන්තාවට දරුණු ලෙස පහරදී මෙම ළිඳට දමා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි විය.

ළිඳ තුළින් ඇසුණු විලාප හඬක් පිළිබඳව ප්‍රදේශවාසීන් සොයා බැලීමේදී, අදාළ කාන්තාව දියේ ගිලෙමින් මරණාසන්නව සිටිනු දැක ඇත. වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ඇයව බේරාගෙන මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල් ගත කළ කාන්තාව කොත්තියාපුලෙයි පදිංචි මුරුගමූර්ති රනුජා නැමැත්තියක බව හඳුනාගෙන ඇත. ඇය විසින් ලබාදුන් තොරතුරු මත ළිඳ පරීක්ෂා කිරීමේදී නරක් වූ මළසිරුරක් හමු වූ අතර, එය පසුගිය මාසයේ අතුරුදන් වූ නාර්පතුවට්ටෙයි ප්‍රදේශයේ කාන්තාවකගේ විය හැකි බවට සැක කෙරේ.

සිද්ධිය වූ ස්ථානයේ තිබූ පාවහන් යුගලක් මගින් අතුරුදන් වූ කාන්තාවගේ ඥාතීන් ඇයව හඳුනාගෙන ඇති බව වාර්තා වුවද, පොලීසිය පවසන්නේ විධිමත් මරණ පරීක්ෂණයකින් සහ DNA පරීක්ෂණයකින් පසුව පමණක් අනන්‍යතාව ස්ථිර කළ හැකි බවයි. මෙම ද්විත්ව අපරාධය ප්‍රදේශයේ මහත් කැලඹීමක් ඇති කර ඇති අතර, කාන්තාවන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම පැහැරගැනීම් කල්ලිය හඳුනාගැනීම සඳහා වව්නතිව් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka