gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මහ විනාශයක් - ලෙබනනය සොහොන් පිටියක් වෙයි මරණ 900කටත් ළඟයි

ඊශ්‍රායලය මඟින් ලෙබනනයට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරවලින් අවම වශයෙන් 886 දෙනෙකු මියගොස් 2,141 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, ඊශ්‍රායලය මඟින් එල්ල කරන ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර හමුවේ මෙම මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ද සඳහන්.

එසේම පවතින ප්‍රචණ්ඩකාරී තත්ත්වය එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ද දැඩි වශයෙන් බලපා ඇති අතර ප්‍රහාරවලින් තුවාල ලැබූවන්ට සහන සැලසීමට ගිය වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් පවා මෙම ප්‍රහාරවලින් මියගොස් හෝ තුවාල ලබා ඇති බවට තොරතුරු ලැබී ඇත.

ඉකුත් මාර්තු 2 සිට මේ දක්වා කාලය තුළ අවම වශයෙන් සෞඛ්‍ය සේවකයින් 38 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 69 දෙනෙකු තුවාල ලබා ඇති බව පවසයි.

එමෙන්ම අඛණ්ඩව එල්ල වන මෙම ප්‍රහාර හේතුවෙන් දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් සිය නිවෙස් අත්හැර ආරක්ෂිත ස්ථාන කරා පළා යමින් සිටින බව ද වාර්තා වේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka