ඉතාලියේ මිලානෝ නගරයේදී පසුගිය 21දා සිදුවූ යතුරුපැදි මෝටර් රථ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයකු සහ ඉතාලි ජාතික තරුණියක් මියගොස් ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ ඉතාලියේ, මිලානෝ නගරයේ තාවකාලික පදිංචි වි සිටි මිතුම් සන්දිප පෙරේරා කුරණගේ නමැති 23 හැවිරිදි තරුණයෙකි.
මරණකරු පැදවූ යතුරුපැදියේ පසුපස ගමන් කළ ඉතාලි ජාතික එළිසා තියදෝරා නමැති 20 හැවිරිදි තරුණියද මේ අනතුරින් මියගොස් ඇති බව එරට පොලීසිය කියයි. තරුණයා හා තරුණිය ගමන් කළ යතුරුපැදිය මාර්ගයේ විදුලි සංඥා නොතකා අධික වේගයෙන් ධාවනය කරවීමේදී කුලී මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවට අනාවරණය වී ඇත.
අනතුරින් මරණයට පත් ශ්‍රී ලාංකික තරුණයා වෙන්නප්පුව, දුම්මලදෙණියේ පදිංචි තරුණයෙකි. ඔහු පවුලේ වැඩිමහල් දරුවා වන අතර ඔහුගේ පියා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියක් සදහා රට නියෝජනය කල අයෙකි.
මියගිය තරුණයා ඔහුගේ බාල සහෝදරයාත් පියා මව සමඟ ඉතාලියේ මිලානෝ නගරයේ පදිංචිව සිටියදී මේ අනතුරට ලක්වී ඇති බව ඥාතීහු පවසති. අනතුර සම්බන්ධයෙන් ඉතාලියේ මිලානෝ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
