ඉන්දියාවේ බැංගලෝර් නුවර සේවය කළ තෙලන්ගානා ප්‍රාන්තයේ පදිංචි තරුණ මෘදුකාංග ඉංජිනේරු යුවළක් වන 32 හැවිරිදි භානු චන්දර් රෙඩ්ඩි සහ 31 හැවිරිදි බිබී ශාසියා පසුගියදා අතිශය ඛේදනීය ලෙස සියදිවි හානිකරගෙන තිබේ.
සිය නිවසේ නිදන කාමරය තුළ සැමියා විසින් දොරගුළු ලාගෙන සිටීම හේතුවෙන්, බිරිඳ අසල්වාසීන්ගේ හා ආරක්ෂක අංශවල සහාය ඇතිව බලහත්කාරයෙන් දොර විවෘත කර බැලීමේදී ඔහු ගෙල වැලලාගෙන මියගොස් සිටිනු දැක ඇත.
එම ශෝකජනක දර්ශනයෙන් දැඩි කම්පනයට පත් වූ ශාසියා, ඉන් මිනිත්තු කිහිපයකට පසුව තමන් පදිංචිව සිටි මහල් නිවාසයේ 17 වැනි මහලෙන් පහළට පැන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.
මෙම තරුණ යුවළගේ හදිසි මරණ සඳහා සෞඛ්‍ය ගැටලු, පවුල් ආරවුල් හෝ කිසියම් මානසික පීඩනයක් හේතු වී ද යන්න සම්බන්ධයෙන් බැංගලෝර් පොලිසිය මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් මෙම නීතිමය සහ විමර්ශන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
