gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ශ්‍රි ලංකා මුහුදු තීරයේ ඝන අඩි ට්‍රිලියන 03ක දැවැන්ත වායු නිධියක් සහ බොරතෙල් ඇති බවට ඇස්තමේන්තු කරයි

ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ ඝන අඩි ට්‍රිලියන තුනක් දක්වා වූ ස්වභාවික වායු නිධි පවතින බවට ඇස්තමේන්තු කර ඇති බව “ද සන්ඩේ මෝර්නින්” පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ (PDASL) සභාපති සාලිය වික්‍රමසූරිය මහතා උපුටා දක්වමින් එම වාර්තාව සඳහන් කරන්නේ, දිවයිනට අයත් මුහුදු සීමාව සහ සුවිශේෂී ආර්ථික කලාපය තුළ බොරතෙල් බැරල් බිලියන කිහිපයක විභවයක් ද පවතින බවයි.

පසුගිය වසර කිහිපය තුළ සිදු කරන ලද භූ කම්පන දත්ත (Seismic data) සහ ද්‍රෝණි ආකෘති නිර්මාණයන් (Basin modelling) මගින් මෙම සම්පත් පිළිබඳව වඩාත් නිවැරදි අවබෝධයක් ලබාගෙන ඇත.

ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත මගින් නව නියාමන රාමුවක් හඳුන්වා දී ඇත.

“Explore Sri Lanka” වැඩසටහන යටතේ පැරණි ලංසු කැඳවීමේ ක්‍රමය වෙනුවට, ඕනෑම අවස්ථාවක බලපත්‍ර ලබාගත හැකි විවෘත ක්‍රමයක් (Open licensing system) හඳුන්වා දී ඇත. මෙහිදී මුහුදු කලාප කුඩා කොටස්වලට බෙදා ජාත්‍යන්තර සමාගම්වලට අවස්ථාව ලබා දීමට නියමිතය.

දැනටමත් ගෝලීය සමාගම් කිහිපයක් මේ සඳහා උනන්දුව පළ කර ඇති අතර, දශක කිහිපයකට පසු මෙම ක්ෂේත්‍රයේ නව පිබිදීමක් දක්නට ලැබෙන බව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පවසයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka