gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ලොව පුරා රසිකයින් පිස්සු වට්ටපු සුපිරි තරු දෙපළක් අතිනත ගනී - මුළු ලෝකෙම හැරිලා බලපු VIROSH විවාහයට පස්සේ විජේගෙන් සංවේදී සටහනක්

මේ දිනවල දකුණු ඉන්දීය සිනමාවේ වැඩිපුරම කතාබහට ලක්වන සුසංයෝගය වන රෂ්මිකා මන්දානා සහ විජේ දේවරකොණ්ඩාගේ විවාහ මංගල උත්සවය ඊයේ  (26) දින පැවැත් වුණි. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙය වසරේ විවාහ මංගල උත්සවය ලෙසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවා රෂ්මිකා මන්දානා සහ විජේ දේවරකොණ්ඩාට සුබ පැතුම් එක් කළ බව ද සඳහන් වේ. ප්‍රේම සබඳතාවක් පිළිබඳ කෙතරම් කටකතා පැවැතුණත් කිසිම විටක ඒ පිළිබඳ නිල ලෙස තහවුරු නොකළ විජේ දේවරකොණ්ඩා සහ රශ්මිකා මන්දනා විවාහයට දින කිහිපයක් ඉතිරිව තිබියදී එය හෙළි කළේ ඔවුන්ගේ බැඳීමට අපූරු වටිනාකමක් එක් කරමින් වීම විශේෂත්වයක්.

ඒ අනුව ඔවුන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ ලෙසටම 'The wedding of VIROSH' විවාහ උත්සවය ඉන්දියාවේ රාජස්ථාන ප්‍රනාත්යේ උදයිපූර් නගරයේදී සාම්ප්‍රදායට අනුව පවත්වා තිබුණා. රාජස්ථාන ප්‍රාන්තය ඉන්දියාවේ විවාහ නගර‍ය ලෙස හැඳින්වේ.

එසේම VIROSH යනු විජේ සහ රෂ්මිකා යන නම් දෙකේ එකතුවයි. එමෙන්ම එම නම යෝජනා කර ඇත්තේ විජේ සහ රෂ්මිකාගේ රසික රසිකාවියන් වීමත් විශේෂත්වයක්. මේ අතර මංගල උත්සවයට ජංගම දුරකතන තහනම් කෙරුණු බව වාර්තා වේ.

ඒ අනුව උත්සවයට පැමිණෙන කිසිදු ආරාධිතයකුට ජංගම දුරකථන රැගෙන ඒමට අවසර නොලැබුණු අතර, නිල ඡායාරූප හා වීඩියෝ කණ්ඩායමද රහස්‍යතා ගිවිසුම් අත්සන් කෙරුණු බව සඳහන්.

ඊට අමතරව විවාහ මංගල උත්සවයේ අයිතිය ලබා ගැනීමට Netflix සමාගම ඉන්දියානු කෝටි 60ක මුදලක් ලබා දීමට යෝජනා කළ ද විවාහ යුවල එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ඒ තම විවාහය මිල කළ නොහැකි බව පවසමින්.

එමෙන්ම මංගල උත්සවයට ඇරැයුම් ලැබ සිටියේ සමීපතම පවුල් සාමාජිකයන් සහ අතිශය සමීප මිතුරන් කිහිප දෙනකුට පමණක් වූ අතර ඒ අතර සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය පුද්ගලයන් කීප දෙනෙක් ද විය.

එසේම සම්ප්‍රදායන්ට ගරු කරමින් විවාහයට පෙර සම්ප්‍රදායික උත්සව දෙකක් ද පැවැත්වුණ අතර රෂ්මිකාගේ මවගේ පාර්ශවයේ ඥාතීන් විසින් ඇගේ නිවසේ පැවැත්වූ උත්සවයක් සහ විජේගේ පවුල විසින් සංවිධානය කළ තවත් උත්සවයක් ද ඒ අතර විය.

එමෙන්ම විවාහයෙන් පසුව මාසයක කාලයක් වෘත්තීය කටයුතුවලින් විවේක ගනිමින් මධුසමය ගත කිරීමට නව යුවල බලාපොරොත්තු වෙන බව ද සඳහන්. මේ අතර විජේ දේවරකොණ්ඩාගේ විසින් සිය මුහුණු පොත හරහා ලස්සන සටහනක්ද එකතු කර තිබීම දැක ගත හැකි විය.

"එක දවසක්, මට ඇයව ගොඩක් මතක් වුණා. ඒ මතකය කෙතරම් තදින් දැනුණාද කිවහොත්, ඇය මා අසල සිටියා නම් මගේ දවස මීට වඩා බොහෝ සෙයින් යහපත් වනු ඇතැයි මට සිතුණා. ඇය මගේ ඉදිරියෙන් වාඩි වී සිටියා නම්, මා ගන්නා ආහාර වේල පවා මීට වඩා සම්පූර්ණ බවක් (ගුණාත්මක බවක්) මට දැනෙනු ඇත.ඇය මා සමඟ සිටියා නම්, මගේ ව්‍යායාම කටයුතු පවා වෙහෙසකර දඬුවමක් නොව වඩාත් විනෝදජනක දෙයක් වනු ඇත. මට ඇයව කෙතරම් අවශ්‍ය වුණාද කිවහොත්, මා කොතැනක සිටියත් මට 'නිවසක' සුවපහසුව සහ සන්සුන් බව දැනෙන්නට ඇය මා අසල සිටිය යුතුම බව මට වැටහුණා."

කෙසේ වෙතත් ලොව පුරා සිටින රසික රසිකාවියන් මේ දෙපළගේ ආදරණිය විවාහයට සුබ පැතුම් එක් කරමින් සිටී.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka