gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ප්‍රකට නිළියගේ අනුග්‍රහය ඇතිව ඉදිරිපත් කළද කන්තෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ඇමරිකානු වීසා තෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි!

ප්‍රකට ධර්මදේශක කන්තෝරුවේ සිරිධම්ම හිමියන් විසින් ඇමරිකානු ධර්මදූත චාරිකාවක් සඳහා ඉදිරිපත් කළ වීසා අයදුම්පත තෙවන වරටත් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ. 

ඇමරිකාවේ වෙසෙන ප්‍රකට නිළියකගේ අනුග්‍රහය ඇතිව මෙම වීසා බලපත්‍රය ලබා ගැනීමට උත්සාහ කර තිබුණද, මීට පෙර මෙරටින් වැඩම කළ ඇතැම් පිරිස් ආගමික ගරුත්වයට හානි වන පරිදි කටයුතු කිරීම හේතුවෙන් පනවා ඇති දැඩි කොන්දේසි හමුවේ මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

මෙම වීසා ප්‍රතික්ෂේප වීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ උන්වහන්සේගේ හැසිරීම් රටාව සහ ප්‍රකාශ පිළිබඳව කරුණු දක්වමින් ඇමරිකාව, ඊශ්‍රායලය, කොරියාව සහ යුරෝපා රටවල තානාපති කාර්යාල වෙත එල්ල වූ විද්‍යුත් තැපෑල (Email) හරහා සිදු කළ කරුණු වාර්තා කිරීමේ ව්‍යාපාරය බව ද සඳහන් වේ. 

ඇතැම් පාර්ශ්වයන් විසින් උන්වහන්සේගේ ආගමික ස්වරූපය අන්තවාදී ස්වරූපයක් ගන්නා බවට තානාපති කාර්යාල දැනුවත් කිරීම හේතුවෙන් මෙම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ බාධාවන් මතු වී ඇති බව වාර්තාවල දැක්වේ.

FB : TTV News

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka