gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

නෙලුවේදී සැමියා ගෙල සිදි තිදරු මවට කිසිදු අනියම් ඇසුරක් තිබී නෑ.... මාධ්‍ය විසින් බොරු වාර්තා කරලා!

පසුගියදා නෙළුව පොලිස් වසමේ හක්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් සිය බිරිඳව ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සමාජයේ විශාල කතාබහක් ඇති වුනා.

එම පුවත ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනේ ඝාතනයට හේතුව අනියම් සම්බන්ධතාවයක් බවයි.

කෙසේ නමුත් අපේ රට කල විමර්ශනයකදී ඇතැම් පුද්ගලයන් මෙය අනියම් සම්බන්ධතාවයකින් සිදු වූ ඝාතනයක් නොවන බවට අදහස් පල කර තිබුනා.

0000]

මේ අනුව ඝාතනයට හේතුව අනියම් සම්බන්ධයක් නොවන බවට අදහස් පළ වී තිබීම සහ එහි නිර්වද්‍යතාව විමසා අප වෙත ලද ඉල්ලීම් ද සලකා මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට factcrescendo මෙලෙස පියවර ගෙන තිබුනා.

එහිදී අනාවරණය වී ඇත්තේ මේ සිද්ධියට හේතුව පවුල් ආරවුලක් බවත් එහෙත් පවුල් අරවුලට හේතුව බිරිඳගේ අනියම් ඇසුරක් බවට මෙම පුවත් වාර්තාවල ඝෘජුවම ප්‍රකාශ කර නොමැති බවත් ය.

මේ අනුව කාන්තාවගේ ඝාතනයට සැබෑ හේතුව කුමක් ද යන්න පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර නොමැති බව පොලිස් මාධ්‍ය කොඨ්ටාසය විසින්ද මේ වනවිට නිල ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

0002

එසේම මේ පිළිබඳ නෙළුව පොලිස් ස්ථානාධිපතිවරයාද අදහස් ප්‍රකාශ කර ඇති අතර එතුමාද පවසා ඇත්තේ තවමත් මෙම සිද්ධියට හේතුව අනියම් සම්බන්ධතාවක් බවට පැවසෙන තොරතුරු වල සත්‍යතාවයක් නොමැති බවයි.

මීට අමතරව නෙළුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කණිෂ්ක එදිරිසිංහ මහතාද ඒ බව මෙසේ සදහන් කර තිබෙනවා.

“ඒ ගෑනු කෙනාට පිරිමියෙක්ගේ හුළඟක් වත් වැදිච්ච කෙනෙක් නෙවෙයි. කිසිම හේතුවත් මත එළියට බහින්න දෙන්නේ නෑ. ගෙදර ඉන්නත් ඕන දොර වහගෙ එළියට ගිහිපු වෙලාවක මගදි හම්බවෙලා කතා කළොත් ගෙදර ගිය ගමන් පහර දෙනවා.අහිංසක ඉන්නකල් වඳ විඳලා මැරිලත් සැනසීමක් නෑ. මාධ්‍ය කෙහේවත් ඉන්න ගෙදරක කෙනෙක් පටලවලා නැති මනුස්සයෙකුට වරදක් පටවලා”

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, බිරිඳ සහ දරු තිදෙනා සැකකාර පුද්ගලයා ඔවුන්ගේ මහගෙදර ජීවත් වූ බවත් මීට වසරකට පමණ අභාවයට පත්වූ ඔහුගේ මවගේ අවමංගල්‍යෙ උත්සවය නිවසේ තිබූ බවත් එම අවස්ථාවේදී පවා අදාළ පුද්ගලයා ඝාතනයට ලක්වූ කාන්තාවට එළියට හෝ පැමණීමට ඉඩ නොදී කමරයක සිර කර තබා තිබූ බවයි.

තව ද සිදුවීම සිදුවූ දිනයේ අදාළ කාන්තාව දරුවෙකු යවා අසල්වැසි නිවසකින් හාල් ඉල්ලා ගෙන විත් දරුවන්ට කෑම සකසා දී ඇති බවත් රාත්‍රීයේ මව තමන් සමග නින්දට ගිය බවත් , පසුව පියා පැමිණ දෙරට ගසද්දී මව දොර විවෘත කළ බව දරුවන් ද ප්‍රකාශ කළ බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා. සැකකාර පුද්ගලයා ද ඉතාමත් යහපත් අතීතයේ යහපත් ජීවිතයක් ගත කළ අයෙකු බවත් ඔහු හයිටි රාජ්‍යයේ සාම සාධක හමුදාවේ පවා සේවය කළ ඔහු වෙඩි වැදීමේ සිදුවීමෙන් පසු යම් මානසික අබාධයකින් පෙළී ඇති බවත් පසුව මත්ද්‍රව්‍ය භාවිතයට ද පුරුදු වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනුව මෙලෙස ඝාතනය වූ කාන්තාවක් වෙනුවෙන් මාධ්‍ය විසින් එල්ල කෙරූ අසත්‍ය තොරතුරු සමාජගත කරමින් මියගිය එම කාන්තාවට සිදුකල අපහාසය වෙනුවෙන් වගකිවයුතු වෙබ් අඩවියක් ලෙස අප අපේ බලවත් විරෝධය එම මාධ්‍ය වෙත එල්ල කරන අතර මිය ගිය කාන්තාව වෙනුවෙන් අපි අපේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka