gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

කොරළවැල්ල වෙරළට ගොඩගැසූ කාන්තා සිරුරේ අබිරහසක් : ආරවුලක් ඇතිකරගත් කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට!

මොරටුව, කොරළවැල්ල ජුබිලි පාර මුහුදු වෙරළට කාන්තා මෘත ශරීරයක් ගොඩගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි. මියගිය කාන්තාව සහ අත්අඩංගුවට ගත් පිරිස අතර පැවති පෞද්ගලික ආරවුලක් මෙම අබිරහස් මරණයට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොරළවැල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි 34 හැවිරිදි කාන්තාවකි. පෙරේදා (22) උදෑසන වෙරළට මෘත ශරීරයක් ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මියගිය කාන්තාව සහ ප්‍රදේශයේ තවත් කාන්තාවන් කිහිපදෙනෙකු අතර මෑතකදී දරුණු ආරවුලක් පැවත ඇති බවයි. එම ආරවුලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් කාන්තාවන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙය මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් දියේ ගිලීමෙන් සිදු වූ මරණයක්ද යන්න තහවුරු කරගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් පොලිසිය බලා සිටියි. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka