gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

වැටලීමට යන බව පවසා කාන්තාවක සමඟ ලැගුම්හලක සිටි පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් වෙයි!

වැටලීම් රාජකාරී සඳහා යන බවට පොලිස් පොතේ සටහන් යොදා, කාන්තාවක සමඟ ලැගුම්හලක රැඳී සිටි පොලිස් සැරයන්වරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට කළුතර පොලිස් අධිකාරී කාර්යාලය පියවර ගෙන තිබේ.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ වැලිපැන්න පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකි.

වාර්තා වන අන්දමට, අදාළ සැරයන්වරයා ස්ථානාධිපතිවරයාගේ නියෝග මත තවත් නිලධාරීන් තිදෙනෙකු සමඟ වැටලීම් සඳහා පිටව ගොස් ඇති අතර, පසුව ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා විසින් සිදු කළ හදිසි පරීක්ෂාවකදී මොහු අගලවත්ත පාරේ ලැගුම්හලක කාමරයක් තුළ කාන්තාවක සමඟ සිටියදී හසු වී ඇත. 

රාජකාරිය පැහැර හැරීම සහ සිදු කළ විෂමාචාර ක්‍රියාව පදනම් කරගනිමින් මොහුට එරෙහිව මෙම විනය පියවර ගෙන තිබේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka