මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයේ පදිංචි සෙනුරි තක්ෂිලා කියන්නේ ජීවිතේ ලස්සනම කාලය ගෙවමින් හිටපු අවුරුදු 22ක තරුණියක්.
හැමෝම ආදරේ කරපු, හීන දහසක් තිබුණු මේ තරුණිය අද මුළු රටක් හඬවමින් මෙලොව හැර ගිහින්. ඒත් ඒ මරණය පිටුපස තියෙන්නේ කඳුළක් විතරක් නෙවෙයි, රෝහල් පද්ධතිය ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් සහ වේදනාවක්.
"මගේ දුවව අපිට නැති වුණේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා..." සෙනුරිගේ දෙමව්පියන් සහ ඇගේ ආදරණීය සැමියා අද හඬා වැටෙමින් පවසන්නේ ඒ වේදනාබර කතාවයි.
පසුගිය 18 වැනිදා සෙනුරි අසනීප වුණාම ඇයව ඇතුළත් කරන්නේ මිනුවන්ගොඩ මූලික රෝහලටයි. එහි දින හතරක් පුරා ප්‍රතිකාර ලැබූ සෙනුරිගේ තත්ත්වය දරුණු අතට හැරෙද්දී, ඇයව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවන්නේ 22 වැනිදා අළුයම 1ට පමණයි. ඒත් දෛවයේ සරදමකට වගේ, ගම්පහ රෝහලට ඇතුළත් කර විනාඩි 20ක් යන්නත් මත්තෙන් සෙනුරි අවසන් හුස්ම හෙළූ බව වෛද්‍යවරු දන්වා සිටියා.
මරණ පරීක්ෂණයේදී හෙළි වුණේ සෙනුරි මියගොස් ඇත්තේ ඩෙංගු රෝගය වැළඳීමෙන් බවයි. දැන් දෙමව්පියන් නඟන ප්‍රශ්නය හරිම සාධාරණයි.
"මිනුවන්ගොඩ රෝහලේ වෛද්‍යවරුන්ට දින හතරක් තිස්සේ මගේ දුවට ඩෙංගු කියලා හඳුනාගන්න බැරි වුණේ කොහොමද?"
සෙනුරිගේ අවසන් කටයුතු අද (25) මිනුවන්ගොඩ ජාපාලවත්ත පොදු සුසාන භූමියේදී සිදුවීමට නියමිතයි.
