gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අවුරුදු 14ක තම නංගි දූෂණය වන අයුරු මිතුරාගේ ජංගම දුරකථනයෙන් දුටු අයියා පොලිසි යයි

වයස අවුරුදු දාහතරක පාසල් සිසුවියක් දූෂණයට ලක්වන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඇයගේ පෙම්වතා යැයි පැවසෙන තරුණයාගේ ජංගම දුරකථනයේ තිබී හමු වීමත් සමඟ, සිසුවියගේ සොහොයුරා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සැකකරු කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර තරුණයාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී මෙම අපරාධය පිළිබඳ තොරතුරු සහෝදරයාට හෙළි වී ඇති අතර, ඒ අනුව ඔහු විසින් ලබාදුන් තොරතුරු මත විමර්ශන සිදු කළ පොලිසිය පසුගිය 03 වැනිදා රාත්‍රියේ මෙම 19 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු පැමිණිලිකාර සොහොයුරාගේ ඥාතියෙකුගේ හිතවතෙකු බවත්, ඔහු කලක සිට මෙම බාලවයස්කාර සිසුවිය සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඇමතුමක් ලබා ගැනීම සඳහා සැකකරුගෙන් ඔහුගේ ජංගම දුරකථනය ඉල්ලා ගෙන ඇති සොහොයුරා, එය පරීක්ෂා කිරීමේදී සිය නැගණිය දූෂණයට ලක්වන අයුරු දැක්වෙන රූපරාමු පෙළක් දැකීමෙන් පසු වහාම මේ පිළිබඳව කඳාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත.

පොලිසිය විසින් අදාළ ජංගම දුරකථනය භාරයට ගෙන එහි තිබූ රූපරාමු පරීක්ෂා කර බලා අපරාධය තහවුරු කර ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපයෝජනයට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබේ. කඳාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා උත්පලා මහත්මිය සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සලින්ද මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka